10.Hyung,I like Him

449 123 4
                                    

JIN : "ආහ්,නම්ජුනා ඇයි එහෙම කලේ?"

නම්ජූන් අත් දෙකෙන්ම මූන පිහදාන ගමන් කවුච් එකෙන් ඉදගත්තා.

RM : "මං හිතල කලේ නෑ හ්‍යොන්ග්.කවදාවත් නැතුව මට හොදටම තරහ ගියා."

JH : "දැන් ඒක වෙලා ඉවරයිනෙ.ඒත් ඉතින් ජිමින්ගෙ හැ⁣ටි දන්නවනෙ.දැන් දවස් ගානක් ඕක ගැන හිත හිත ඉදියි.."

RM : "මං හෙට උදේ එයාගෙන් සමාව ගන්නම්.."

කවුච් එකෙන් නැගිටපු නම්ජූන් වේගෙන් එයාගෙ රූම් එකට ගිහින් මහ සද්දෙන් දොර වහගත්තා.

SUGA : "එයත් අප්සට් එකෙන් ඉන්නෙ..මුන් දෙන්නගෙ හිතුවක්කාර වැඩ නිසානෙ ඔක්කොම.."

JIN : "දැන් එයාල පොඩි ලමයි නෙවෙයිනෙ යුන්ගි.අපිට එයාලගෙ හැමදේම තීරනය කරන්න බෑ.."

JH : "කොහොමහරි දෙන්නා කරදරයක් නැතුව ආවනෙ.මට ඒ ඇති."

හොබී ඇස් වලින් ජින්ට පෙන්නුවේ කවුච් එක ලග තාමත් හිටගෙන ඉන්න ටේව.

ඇත්තටම ටේ හිටියෙ හොද මූඩ් එකක නෙවෙයි.ජිමින්ට රිද්දපු එක ගැන ටේ හිටියෙ තරහෙන්..

JIN : "ටෙහියුන්ගා,ආයෙ ජිමින්වත් කුකීවත් කිචන් එක පැත්තෙ එයි කියල මං හිතන්නෑ.මං කෑම හදල දෙන්නම්.ගිහින් දෙනවද.."

V : "හ්ම්.."

*************

JK : "මොකටද වීරයා වගේ මැදට පැන්නෙ? මං කිව්වනෙ මං බලාගන්නම් කියල."

ජිමින් ඇදේ අයිනක වාඩි කරවපු ජන්ග්කුක් ජිමින් ලගින්ම බිම ඉදගත්තා..

ජිමින්ගෙ ඇස් වලින් කදුලු වැටෙනවා.කම්මුලත් රතු වෙලා..

JM : "හොදට බ්..බලාගත්ත විදිහ මං දැක්කනෙ..හ්‍යොන්ග් අහද්දි ම්..මම අපි ගගා ගොත ගගහ හිටියෙ.ජන්ග්කුකා, මගෙ යකා අවුස්සන්නැතුව ගිහින් ටේ ට එන්න කියන්න.."

ජිමින් ඉකි ගහන අස්සෙන් කටත් ඇද කරලා ජන්ග්කුක්ට කියද්දි ⁣ඉබේම කුකීගෙ ඇස් බිමට හැරුනා.

JK : "මියානේ..මං නිසානෙ ඔක්කොම වුනේ.."

ජන්ග්කුක් ජිමින් දිහා බලාගෙන කියද්දි ජන්ග්කුක්ගෙ ඇස් රතු වෙන විදිහ ජිමින් දැක්කා..

His Moon  [Jikook | Completed ]Where stories live. Discover now