13.Jimin's Favourite food

410 106 8
                                    

Mrs.Park : "ජන්ග්කුක්, අපි ඇතුලට එන්නද ?.."

මිසිස් පාර්ක් එයා දිහා බයෙන් වගේ බලාගෙන ඉන්න ලොකු කලු බෝල ඇස් දෙකේ අයිතිකාරයාගෙන් ඇහුවා.මොකද කිසිම දෙයක් කියන්නෙවත් කරන්නෙවත් නැතුව එයාලා දිහා යකෙක් දැක්කා වගේ බලාගෙන ඉන්න ජන්ග්කුක් එයාලව ගෙට ගන්න කිසිම සූදානමක් නැති බවක් තමයි පෙනුනෙ.

ජන්ග්කුක්ගෙ මොලේ හැමදේම හරියට ⁣ප්රොසෙස් වෙන ගමන් තිබුනෙ..බොරු හිනාවක් දාගත්ත මූන මිසිස් පාක් දිහාටයි,ජීහියුන් දිහාටයි හරවන ගමන් ජන්ග්කුක් ඉක්මනට දොර සම්පූර්නයෙන් ඇරලා ඔලුව නවලා ආචාර කලා ..

JK : "ඔහ් ඔමොනි..එන්න ඇතුලට..එන්න ජීහියුන්.."

ජන්ග්කුක් ඉක්මනට මිසිස් පාක්ගෙ අතේ තිබුන බෑග් එකත් අරගෙන එයාලට ඇතුලට එන්න එහාට වුනා..

Mrs.Park : "අයිගෝ ජන්ග්කුක්..මොකද මෙච්චර වෙලා ගියෙ දොර අරින්න..දැනටම මගෙ දනහිස් රිදෙනවා වගේ.."

ජන්ග්කුක් ආයෙත් බොරු හිනාවක් මූනට දාගෙන රූම් එක දිහා බැලුවෙ ඇතුලෙන් ඇහෙන සද්දෙ එන්න එන්නම වැඩි වෙන නිසා..

මිසිස් පාක් හෝම් ටුවර් එකක් වගේ කිචන් එක දිහාට ඇවිදගෙන යද්දි ජන්ග්කුක් බෑග්ස් ටිකත් ඩයිනින් ටේබල් එකෙන් තියලා ලගට ආවා..ඒ ගමන්ම ඩයිනින් ටේබල් එක උඩ තිබ්බ හිස් බියර් බෝතල් ටිකත් එක අතකින් ඩස්ට්බින් එකට අරන් දැම්මා..

JK : "වාඩිවෙන්න ඔමොනී.."

වටේටම ඇස් යවපු මිසිස් පාක්  අන්තිමට ලිවින් රූම් එකට ගිහින් කවුච් එකෙන් ඉදගත්තා..ඒ වෙද්දිත් ජීහියුන් කවුච් එකෙන් ඉදගෙන ජන්ග්කුක්ගෙ මූනෙ ඉදන් කකුල් දෙක වෙනකම් ඇස් ගෙනියව්වෙ ජන්ග්කුක්ව මුල්ම වතාවට දැක්කා වගේ..

ජන්ග්කුක් ඇහිබැමි උස්සලා ඇයි කියල අහද්දි ජීහියුන් හිනාවෙලා ඔලුව හොල්ලලා බිම බලාගත්තා..

~ වාහ්..හ්‍යොන්ග්ගෙ බෝයිෆ්රෙන්ඩ්⁣ ..~

ජීහියුන් හිත ඇතුලෙන් හිනාවුනා..

ජීහියුන් කියන්නෙ හරියට ජිමින්ගෙම පොඩි වර්ෂන් එකක් වගේ..ජිමින්ට වඩා ටිකක් චබී වුනත් ඒ හුරතල් පෙනුම ඒ විදිහටම වෙනසක් නැතුව තිබුනා..

His Moon  [Jikook | Completed ]Where stories live. Discover now