16.Saviour

336 99 2
                                    

ඒ ජන්ග්කුක් ලොස් ඇන්ජලීස් වල ගත කරන හයවෙනි දවස.හෙට තමයි ජිමින් වගේම අනිත් හ්‍යොන්ග් ලත් එන දවස.

ජන්ග්කුක් එයාගෙ හොටෙල් රූම් එකේ ලොකු ග්ලාස් වෝල් එකෙන් බිල්ඩින්ග්ස් සිය ගානකින් පිරුනු කාර්යබහුල නගරය දිහා බලාගෙන හිටියෙ කොෆී එකක් තොල ගාන ගමන්.

දවස් ගානක් තිස්සෙ ජන්ග්කුක් බලාපොරොත්තුවෙන් හිටපු කෝල් එක ලැබුනෙ මේ වෙලාවෙ.

ජන්ග්කුක් ගෙ ඇස් දිලිසෙද්දි කට කොනට හිනාවක් ආවා.හරියට තමන්ගෙ ගොදුරක් ලග ලගම එන දිහා ආසාවෙන් බලාගෙන ඉන්නවා වගේ.

JK : "යොබුසේයෝ.."

Manager : "ජන්ග්කුක් මෑන්ව ගෙනත් තියෙන්නෙ ප්ලේස් එකට."

JK : "දේ හ්‍යොන්ග්.හරි කාර් එක ලෑස්ති කරන්න.මං පහලට එනවා."

Manager : "ජන්ග්කුක්,මං අන්තිම වතාවටත් ඔයාට කියන්නෙ ඔයා මේවට සම්බන්ධ වෙන්න එපා කියලා.කම්පනි එකෙන් හැමදේම හැන්ඩ්ල් වෙයි.මේ දේවල් නිසා ඔයාගෙ ඉමේජ් එකට ප්රශ්නයක් වෙන්න පුලුවන්."

JK : "හ්‍යොන්ග්,දැන්ම යන්න ලෑස්ති වෙන්න.මට අඩුම තරමෙ බලන්න ඕනෙ මගෙ දේවල් වලට අත තියන්න හිතපුවත් එකා කව්ද කියලා."

ජන්ග්කුක් ගෙ අත් මිට මෙලවුනේ හිතට ආපු වෛරය පාලනය කරගන්න බැරුව.

***********

® : "Let me go !! "

යකඩ දම්වැල් වලින් අත් බැද දැමූ සුදු ජාතික තරුනයා අදුරු රූම් එක දෙවනත් වෙන්න කෑ ගහනවා.

ටික වෙලාවකින් කිහිප දෙනෙක්ම රූම් එක ඇතුලට ඇවිත් හිටගත්තෙ තවත් කෙනෙක්ට ඇතුලට එන්න ඉඩ හදල දෙන ගමන්.

මුලු ඇගම බ්ලැක් කලර් අවුට්ෆිට් එකකින් වැහුන,මූනටත් මාස්ක් එකක් දාගෙන ඇතුලට ආවෙ හැඩිදැඩි තරුනයෙක්.ඊට පිටුපසින් ඒ වගේම පෙනුමක් තිබුනු තවත් තරුනයෙක් ඇතුලට ආවා.වෙන කව්රුත් නෙවෙයි ජන්ග්කුක් සහ එයාගෙ මැනේජර්.

ටික වෙලාවක් එයා ඉස්සරහ හිටපු සුදු ජාතික තරුනයා දිහා වෛරයෙන් බලාගෙන හිටපු ජන්ග්කුක් ඇවිත් තරුනයාගෙ ලගින්ම එක් දනහිසක් තියල බිම වාඩි වෙලා තරුනයාගෙ මූනට ලං වෙලා බලාගෙන හිටියා.

His Moon  [Jikook | Completed ]Where stories live. Discover now