17. Chance

346 97 3
                                    

හැමදාමත් වගේ⁣ වෙහෙසකර දීර්ඝ ගුවන් ගමනකින් පස්සෙ ටෑනීස් ල ටික රෑ දොලහත් පහු වෙලා LA වලට ආවා.

හොටෙල් එකට ආව ගමන් ජිමින් ඇරුනම අනිත් සෙට් එකම ජන්ග්කුක් හිටපු රූම් එක හොයාගෙන ගියෙ දෙකෙන් එකක් විසදගන්න බලාගෙන.මොකද ජිමින් සොම්බියෙක් වගේ ඔහේ ඉන්නව දැකලම කට්ටියට එපා වෙලයි තිබුනෙ.
.
.

ජන්ග්කුක් හුස්ම ඉහල පහල දාන සද්දෙන් මුලු රූම් එකම පිරිලා.පිම්බුනු මාංශපේශි දිගේ නොනවත්වා දහඩිය ගලනවා.බෙල්ලෙ නහරත් ඉලිප්පිලා.අත් වලින් දැනෙන පීඩනය දරාගන්න බැරි තරම්.ඒත් ජන්ග්කුක් නවත්තන්න සූදානමක් නෑ.
.
.

98 , 99 , 100 , 101,.....

තනියම කවුන්ට් කරන ගමන් ජන්ග්කුක් රූම් එක මැද Push-up කරනවා.රෑට වර්ක්අවුට් කරන එක ජන්ග්කුක් ට දැන් පුරුද්දක⁣ට ගිහින්.

Knock knock

රූම් එකේ දොර ඇරුනෙ මේ වෙලාවෙ.

V : "ජන්ග්කුකා?"

JK : "ආහ් ඔයාල ආවද හ්‍යොන්ග්?"

ජන්ග්කුක් ඉක්මනට නැගිටලා ටවල් එකත් බෙල්ල වටේ දාගෙන ටේ ලගට ආවා.

V : "මේ මහ රෑත් වර්ක්අවුට් කරන්න තරම් පිස්සුවක් තියෙනවද?"

JK : "ඔව් ඉතින් මට හ්‍යොන්ග් ල හය දෙනෙක් බලාගන්න තියෙනවනෙ.මොකක් හරි කරදරයක් වුනොත් බේරගන්නවත් ඇග හදාගන්න එපැයි."

JIN : "ඒ ගැන නම් කවර කතාද?මෙහෙට ආවත් හරි අපි ඉන්නවද මැරිලද කියලවත් හොයල බැලුවනෙ අපෙ මැක්නේ.අනෙ මේ මාව අවුස්සගන්නැතුව හිටාන් හා දතෝ.."

සෙට් එකම ජන්ග්කුක් ගෙ ඇදෙන් වාඩිවුනා.ජන්ග්කුක් තාමත් දොර දිහා බලාගෙන හිටියෙ ජිමින්ව බලාපොරොත්තුවෙන්.

SUGA : "වේ? කාවද හොයන්නෙ?ආං සූරියකාන්ත මල අපිටත් ගස්සලා රූම් එකට ගියා."

V : "ජන්ග්කුකා ඇත්තටම තමුන්ට මොකක්ද වුනේ?"

JK : "මොකක් වෙන්නද?මං මේ හොදට ඉන්නෙ."

ජන්ග්කුක් මූන දිගේ ගලන දහඩිය පිහදාලා ටවල් එක විසි කරලා ඇද උඩ තිබ්බ ශර්ට් එක අරන් ඇදගත්තා.

His Moon  [Jikook | Completed ]Where stories live. Discover now