19.Always you

434 101 13
                                    


⁣කොන්සර්ට්ස් දවස් හතරක් නිමා වෙද්දි හැමෝම හිටියෙ ගොඩක් සතුටෙන් වගේම ලොකු තෘප්තිමත් හැගීමකින්.කොයිතරම් කාර්යබහුල වුනත්,මොන තරම් තෙහෙට්ටුවක් දැනුනත් එයාලගෙ ෆෑන්ස් ලත් එක්ක ගත වෙන දවස් තමයි හැමදාමත් වගේ එයාලගෙ ජීවිතේ හොදම දවස්.

ආයෙත් සෝල් වලට යන්න කලින් හැමෝම හවායි යන්න තීරනය කරගෙන තිබුනෙ ලොස් ඇන්ජලීස් එන්නත් කලින්මයි.

හවායි ආව පලවෙනි දවස හැමෝම එයාලගෙ හොටෙල් රූම්ස් වලම ගත කලේ ඒ තරම් හොද කාලගුණයක් තොතිබුන නිසා.

ඒත් අනිත් දවසෙ උදෙන්ම ජිමින් කාටත් කලින් ඇහැරලා බැල්කනි එකට ආවෙ මූන හිනාවකින් පුරවගෙන.මොකද එයා බලාපොරොත්තු වුන විදිහටම එදා ලස්සනට ඉර පායලා තිබුනා .හොටෙල් එකට ඈතින් පේන මුහුදත් එක්ක බැල්කනි එකට හරිම ලස්සන වීව් එකක් තිබ්බෙ.

ජන්ග්කුක් ඇහැරෙන්නත් කලින් ජිමින් හොට් ශවර් එකක් දාගෙන සැහැල්ලු ශර්ට් එකකුයි,ස්වෙට්පෑන්ට් එකකුයි ඇදගෙන ලෑස්ති වුනා.

එදා උදෙන්ම ජන්ග්කුක් ජිමින් ව අරගෙන ආවෙ හොටෙල් එක ලගම තිබුන ෆේමස් රෙස්ටූරන්ට් එකකට.
.
.

"වෙල්කම් ඇන්ඩ් ගුඩ් මෝර්නින්ග් සර්."

JK : "ගුඩ් මෝර්නින්ග්.."

ජිමින් ඇසිපිය නොගහ බලාගෙන හිටියෙ එයාල ලගට ආව වේයිට්රස් දිහා දත් තිස් දෙකම පෙන්නගෙන හිනාවෙවී හුරතල් වෙන ජන්ග්කුක් දිහා.

මොකද මේ තරම් ඇඹරෙන්නෙ? ජිමින් කටත් ඇද කරල ජන්ග්කුක් ගෙ අතෙන් මෙනූ එක උදුරලා අරන් ඕන කෑම වර්ග සිලෙක්ට් කලා.

JK : "ඔහ්..කියෝප්තා.."

කවුන්ටර් එක ලගට යන කියුට් ගර්ල් දිහා ජන්ග්කුක් තාමත් හිනාවෙවී බලාගෙන හිටියෙ ජිමින් ව ඇවිස්සීමේ යටි අරමුනකුත් ඇතුව.ප්රතිඵල කොයිතරම් දරුනු වුනත් ජන්ග්කුක් ට ජිමින්ව තරහ ගස්සන එක තරම් විනෝදයක් තවත් නෑ.

JM : "මොකක්ද?"

ජිමින් ජන්ග්කුක් ගෙ මූන ඉස්සරහින් අත එහෙ මෙහෙ කලා.

JK : "කියුට් නේ?"

JM : "කව්ද?"

දැනටම ජන්ග්කුක් ට ඕන විදිහට ජිමින්ගෙ මූන වෙනස් වෙලා.

His Moon  [Jikook | Completed ]Where stories live. Discover now