🔞 48th Bite ❤️

829 200 90
                                    

I Bite You In My Eyes ❤️

සුන්දර දිනයක රාත්‍රී කාලය උදා වන විට රෑ කෑම මේසෙත් හරි උජාරුවට ලෑස්ති උනා.. කොල්ලෝ හය දෙනාම ගෙදරට එද්දි අරන් ආව කෑම බීම ගොඩෙන් තෝරාගත් කෑම ටිකක් සූදානම් උනේ...

" ඔන්න මස් මාලු මුකුත්ම නෑ.. මන් තාත්තිට හෙට බාරයක් වෙන නිසා පේ වෙනවා අනේ.. "

🍁 අයියෝ ආන්ටී ඒකට මොකද අප්පා.. ඔයාගේ කෑම වල රස ගැන නම් හැමදාම අපි අහනවා.. ඔන්න අද තමයි කන්න යන්නේ...

ඒ ඉතින් කුවාන්.. ඇගේ තරමට කන්න එපැයිනේ කියලා කොල්ලා ඇට්ටි හැලෙන්න බෙදාගෙන.. ඒ අස්සේ සන්ග් මාලු පැටියා වගේ කට අරිද්දී කුවාන් කවනවා.. ඒ ආදර කතාවත් හරිම ලස්සනට ගෙවිලා යද්දී තව ආදර කතාවක් කිචි බිචි ගගා කියව කියව කෑම කනවා.. කියවනව කියන්නේ එක්කෙනෙක් කියවනවා අනිත් කෙනා හීක් ගානවා ඔලුව වනනවා.. ඕවා තමයී..

තවත් පසෙකින් ජාන් තාත්තිට හා යීබෝට මැදි වෙලා කෑම කවාගන්නවා.. අම්මී තමයි හැමෝගෙම අඩුපාඩු බලන්නේ...

" අපිත් ආවට කමක් නැද්ද.. "

" අනේ එන්න දරුවනෙ.. "

පොලිස් නිලධාරීන් දෙදෙනත් කෑම මේසෙන් වාඩි වෙද්දි තමයි මේසේ සම්පූර්ණ උනේ.. හැමෝම රස කතා ගොඩක් මැද කෑම කාලා අවසන් වෙද්දි වොශ් එකක් දාලා පොලිස් නිලධාරීන් දෙන්නම ආයේ එලියට ගියා..

කාමර් පහක් තියෙන මේ නිවසේ එක් කාමරයක් අම්මිට තාත්තිට වෙන් වෙද්දි , එකක් යෙන්ග්මීට සෙන් වුනා.. එකක් ජාන් හා යීබෝගේ වෙද්දි ඉතුරු කොල්ලො හයම කාමර දෙක බෙදාගත්තා...

❤️ අම්මී... ඔක්කොම හරිද...

" ඔක්කොම හරි මැණික.. ගිහින් නිදාගන්න.. "

❤️ මාව පාන්දරින් ඇහැරවන්න හොදේ...

" හරි මැණික.. "

❤️ ඩැඩී එන්නකො වදින්න...

💚 මේ එනෝ..

කාමර වල ඉන්න කොල්ලො ටික බලන්න ගිය යීබෝ නැවතත් ආවේ ජාන් කතා කරපු නිසා.. දෙන්නත් එක්කම වැදලා තාත්තිගෙ හිස සිබලා කාමරේට ගියේ ඉක්මනින් නිදාගන්න.. මොකද හෙට තාත්තිට ගෙදරින් යන්න තියෙන්නේ උදේ 7ට.. ඉතින් ඊට කලින් ඔක්කොම නැගිටින්න එපැයිනේ...

I Bite You In My Eyes ✔️✔️Where stories live. Discover now