🔞 49th Bite ❤️

827 207 117
                                    

I Bite You In My Eyes ❤️

ෆ්‍රෑන්ග් සිටින්නේ තම නිවසට වී සුවෙන් නින්දක් දාගෙනයී.. සැරින් සැරේ එන මැසේජ් නිසා කොල්ලා හිත යටින් සතුටු උනත් කටින් නම් සෑහෙන්න බැන්නා..

ඇස් දෙක පිය වෙද්දිම කෝල් එකක් එන නිසා ෆ්‍රෑන්ග් ඔලුව උස්සලා බැලුවේ කේන්තියෙන් උනත් නම්බර් එක දැක්ක ගමන් කොල්ලා ඇදෙන් නැගිට්ටේ කලබලෙන්...

🧛 කියපන් කෲස්...

" බොස් බොස්.. මාර වැඩේනේ යීබෝ සර් අර කලු වෑන් එකට නැග්ගා එපාට්මන්ට් එක ලගින්.. උන් යනවා මෑන්ව අරන්.. "

🧛 වට්.. wtf ඒ මොකක්ද යකෝ වෙන්නේ අරූ වැඩ පටන් අරන්ද...ඕ ගෝඩ්.. උබ පස්සෙන් යනවා නේද...

" ඔව් බොස්.. "

🧛 සිහියෙන් පලයන් කොල්ලෝ.. යකෝ සර්ට මුකුත් වෙන්න දෙන්න බෑ... පස්සෙන්ම පලයන්.. කෲස් මගෙ ජන්ගා ආවේ නැද්ද බන් එලියට..

" එතන කොස්සක් තියෙනවා බොස්.. ජාන් සර් ආවේ නෑනේ.. යීබෝ සර් තනියම ආවේ.. "

🧛 දෙයියනේ මගෙ ගගාට කරදරයක් ද... යකෝ සර්ව පරිස්සම් කරපන්...පස්සෙන්ම පලයන් මිස් වෙන්න නම් දෙන්න එපා.. ඔය ඉන්නේ මගෙ ගගාගෙ පණ ටික බන්.. ඕකාට මුකුත් උනොත් මගෙ ගගා මැරෙයි...

ෆ්‍රෑන්ග් ගිරිය පුප්පන් කෑ ගැහුවේ හිතේ ආවේගයෙන්... පුළුවන් හැම වෙලාවෙම ෆ්‍රෑන්ග් මිනිස්සු දම්මලා ජාන්ව වගේම යීබෝවත් ආරක්ෂා කෙරෙව්වා... ඒත් දැන් මේ මොකක්ද වෙලා තියෙන්නෙ.. මොනවා උනත් මේ වෙන්න යන්නේ වෙන්න තියෙන නරකම දේ කියලනම් ෆ්‍රෑන්ග්ට පැහැදිලියි...

🧛 මෝඩ වන්ග් යීබෝ... යකෝ සර් කෙනෙක් නේද... මොකක්ද මේ කරන්න යන්නේ... ශිට්.. ජන්ගට කෝල් කරමු...

ෆ්‍රෑන්ග් එක දිගටම ජාන්ට කෝල් ගත්තත් ඒ ෆෝන් එක ඕෆ් කරලා... ජාන් ලග උන්නා නම් දැන් තියෙන කේන්තියට ෆ්‍රෑන්ග් අනිවාර්යයෙන්ම උස්සලා පොලවෙ ගහනවා...

🧛 ෆෝන් එක ඕෆ් කරන් ප#% ද හු$& කරන්නේ... ඕන වෙලාවට නෑනේ.. මොකක්ද මන් කරන්නේ රෙද්ද... අහ්.. ශුවාන්.. ශුවාන්ට ගමු...

ඉක්මනින් ශුවාන්ට කෝල් එකක් ගන්නා අතරතුරේ ෆ්‍රෑන්ග් ඇදුම් ඇදගත්තේ ඉක්මනින් පිට වෙන්න හිතන්...

I Bite You In My Eyes ✔️✔️Where stories live. Discover now