කඳුළැලි - 24

1.3K 299 77
                                    

'මිනිරු...'

'මිනිරු...'

'මිනිරු!'

මම අවදි වූයෙමි. ශනල්ක මා ඉදිරියේ සිටගෙන සිටියේ මුවග රැඳි සිනහවක්ද සමගයි.

මම සෝෆාවේ හිඳ⁣ගෙන ඔහු දෙස බැලුවෙමි. 'ඒ ගමන මොකද?'

'නැගිටිනවකෝ කම්මැලියෝ... හෙට සහේෂ්ගේ පාටි එකට යන්න ඕනනේ. අපි යමු ඇඳුම් ගන්න.'

මම නැවතත් සෝෆාවේ වැතිරු⁣ණේ අලසකමින් දෙපා ගුලි කර ගන්නා අතරේමය. 'ඔයා ගිහින් මටත් එක්ක ගන්න. මට කම්මැලියි යන්න.'

ශනල්ක මුවින් පුරු පුරු ශබ්දයක් නගමින් මගේ සිරුර මතින් වැතිරු⁣ණේය. 'නැගිටිනකන් කට කනවා හැබැයි.'

මම එක ඇසක් විවර කර ඔහු දෙස බැලුවෙමි. 'කන්නකෝ ඉතින්. මම හරි ආසයිනේ..:

ශනල්ක ඔහුගේ දෑතින්ම මගේ මුහුණ අල්ලාගෙන මගේ දෙතොල් සපන්නට විය. පුරුදු පරිදිම ඔහුගේ නළ දත් මගේ තොල්වල වැදු⁣ණේ සුපුරුදු තැන්වල තුවාල කරමිනි. ඔහුගේ තෙත තොල් මගේ කොපුල් මතින් ඇදී ගොස් හකු ඇටය හරහා ගෙල දෙසට ඇදී යන්නට විය. මම දෑතින්ම ඔහුගේ කමිසය මිරිකමින් මගේ යටිකය ඔහුගේ උකුළ පෙදෙසෙහි ස්පර්ශ වන පරිදි එසවූයෙමි. ශනල්ක ඔහුගේ අතක් මගේ දෙපා මැදට ගෙන ගොස් මගේ රහසඟ සම්බාහනය කරන්නට වූයේ නිදා සිටි මගේ සාමාජිකයාව අවදි කරමිනි.

මගේ මුවින් පිටවූ කෙඳිරීම් වල ශබ්දය වැඩි වද්දී මම ඔහුගේ අතේ පහසට තවත් ඇලුම් කරන්නට වූයෙමි.

'පෘහ්!'

නාසයෙන් වතුර පිටවන ශබ්දයක් ඇසීමෙන් ශනල්ක තිගැස්සී මගේ සිරුරින් ඉවත් විය. සාලයේ දොර අසල සිටගෙන සිටියේ අමතර පන්ති ගොස් පැමිණ සිටි යෙහෙනිය. ඇය සාමාන්‍ය පෙළ සඳහා පෙනී සිටීමට සිටි හෙයින් දැන් අමතර පන්ති යෑම ආරම්භ කර තිබිණි.

යෙහෙනි කහින්නට වූයේ නාසය අසල වූ වතුර පිසදමමිනි. 'මොනවද අයියේ...' ඇය නැවතත් කැස්සාය. 'සාලේ මැද්දේ කරන්නේ? කාමරේට යන්නහ්!' නැවතත් විශාල කැස්සක් සමගින් ඇය මුළුතැන්ගෙයට දිව ගියාය.

මම තද රතු පැහැ වූ මුහුණින් ශනල්ක දෙස බලා මගේ කමිසය අතින් පිරි මැද්දෙමි. අප දෙදෙනා උසස් පෙළ කර මාස තුනක් ගත වී තිබුණු අතර අමතර පාඨමාලා කරන අතරේ අපි නිදහසේ කාලය ගත කළෙමු. එනමුත් කිසිම විටක අපේ සම්බන්ධය ලිංගික සම්බන්ධයක් දක්වා දුර දිග නොගිය බව මටත් ඔහුටත් දෙදෙනාටම තහවුරු විය හැකි විය.

කඳුළැලි | tears | Sinhala BL [COMPLETED]Where stories live. Discover now