කඳුළැලි - 25

1.4K 276 71
                                    

Matured content ahead | drug-using, abuse, etc.

වීදුරුවකට කෝක් දමාගත් මම කොණකට ගොස් පඩියක් මතින් වාඩි වී එය පානය කරන්නට වූයෙමි. තරමක ශබ්දයකින් වාදනය වෙමින් තිබූ සංගීතය හේතුවෙන් මගේ දෙකන් පුපුරා යන්නාක් මෙන් දැනුණු හෙයින් පඩිපෙළ අසල මට වඩාත් පහසුදායක විය. ශනල්ක ඔහුගේ මිතුරන් දෙදෙනෙකු සමග මිදුලට වී කතා බහ කරමින් සිටි නිසා මම ඔහුට බාධා නොකරන්නට තීරණය කළෙමි.

'මිනිරූ...' මම එක්වරම තිගැස්සුණේ යමෙකු මගේ එහා පසින් වාඩි වූ විටයි.

සහේෂ්?

සහේෂ් සිනාසී ඔහු අත වූ කෝප්පය සෙලවීය. 'කාලෙකින්...'

මම සිනාසුනෙමි. ඔහුගෙන් වහනය වූ සුවඳ⁣ මගේ පරණ මතක හාරා අවුස්සන්නට වූයේ මම ඔහුට කැමැත්තෙන් සිටි බව මට මතක් කරවමිනි.

'ඔව් නේද? ඉස්කෝලේ ඉවර වුණයින් පස්සේ කතා කළේම නැහැනේ.'

'ඔයා තාම ශනල්ක එක්කද ඉන්නේ?' සහේෂ් විමසුවේ බීම වීදුරුව ඔහුගේ පසෙකින් තබමිනි.

මම හිස වැනුවෙමි. 'ඔව්... එයා එක්ක ඉන්න එක ලේසියි ස්ටඩීස් වලටයි සේරටම.' 

සහේෂ් ඉදිරිය බලාගත්තේ දණහිස් මතින් දෑත් තබා ගනිමිනි. 'ඔය දෙන්නා ‌දිහා බැලුවහම තේරෙන්නේ නම් වෙන එකක් හැබැයි.' 

මම කිසිවක් නොකියා මද වේලාවක් සිටියේ මට කියා ගැනීමට දෙයක් සිතා ගැනීමට නොහැකි වූ හෙයිනි. 

'ඒ කිව්වේ?' 

සහේෂ් හිස දෙපසට වැනීය. 'ඒක ගැන හිතන්න එපා. ආ මේ බීම එක බොන්න. මම මේක ඔයාටමයි ගෙනාවේ.' 

ඔහු බීම ‌වීදුරුව මගේ අතින් තබමින් කීවේ එතැනින් පිටව යන අතරේමය. 

මම ‌බීම වීදුරුව ‌අතේ තබාගෙන ඔහු පිටව යන ආකාරය දෙස බලා සිටියෙමි. ශනල්කගේ හා මගේ සම්බන්ධය පිළිබඳව යෙහෙනි ඇරෙන්නට දැන සිටියේ මිනුලා පමණකි. මිනුලා සහේෂ් සමගින් කතා නොකළ නිසා සහේෂ් ඒ පිළිබඳවද කීවේ යන්න පිළිබඳව මට සැකයක් ඇති විය.

මම බීම වීදුරුව පානය කළේ සිහියකින් නොවේ. 

සමහර විට ඔහු සිතා සිටිනවා ඇත්තේ මම යෙහෙනිට කැමැත්තෙන් සිටින බවක් වන්නට ඇති බව මට සිතුණි. මම පඩිපෙළෙන් නැගිට මිදුල දෙසට විවරව තිබූ ජනේලයෙන් ශනල්ක දෙස බැලුවෙමි. ශනල්කද ඒ අවස්ථාවේ මා දෙස බලා සිනාසුණේය. මම ඔහුට ඇසක් ගසා පඩිපෙළ අතරින් ගොස් කාමර තිබූ දෙසට පිය නැගුවෙමි. පඩිපෙළ අසල කාමරයක දොර විවරව තිබූ අතර මම නිකමට මෙන් එයට හිස ඔබා බැලුවේ සිදුවන්නේ කුමක්දැයි දැන ගැනීම සඳහායි. කාමරය ඇතුළේ සිටියේ ගැහැනු ළමුන් දෙදෙනෙකු පිරිමි ළමුන් කිහිප දෙනෙකි. ඔවුන් කරමින් සිටි දෙය තේරුම් ගැනීමට මට මද වේලාවක් ගත වූ හෙයින් මම මදක් ඔවුන් දෙස බලා සිටියෙමි.

කඳුළැලි | tears | Sinhala BL [COMPLETED]Where stories live. Discover now