🔞 51st Bite 🥺

890 203 84
                                    

I Bite You In My Eyes 🥺

වරදක් වූවා මා අතින් මගෙ රං පුතුට..
සැනසුමක් නෑ තිබ්බේ එදා සිට..
කෙදිනක හෝ දැක ගන්නා මා පෙරුමන් පිරුවා නුඹව...
ඒකයි එදා උස්සගෙන ආවේ විගහට..

මට වැරදුනා පුතුනේ මා කුමක් කරන්නද..
මේ අපායෙන් නම් බෑ ගැලවෙන්නට මට..
පුතු කියු ලෙසින් මෙයින් පැන යන්නට..
නොහැකි වුවා පුතුනේ සමාව දෙන්න මට..

නුඹව සොයමින් ඒ මිනිහා මට දුන්න වද..
සියල්ල ඉවසුවා මාගේ රන් පුතු නිසා මම..
නමුත් මා නුඹට කල වරද නිසා මට..
සමාවක් නම් කෙදිනකවත් නොලැබෙනු ඇත..

වරදක් කරත් මා නුඹගේ මව්ම තමයි..
නුඹ වැදුවේ මාගේ කුසේ මා මලක් ලෙසයී..
දසමස කුස හොවා රැක ගත්තේ මගෙ පණ නිසයි..
හැර යන්නට වූයේ මගේ මොට්ට කම නිසයි..

සැමදාම ඔබට සෙතක් වන්නට මා පැතුවා..
ඒ දින මෙතරම්  ඉක්මනින් නොඒවී යැයි සිතුවා..
මාගේ පුතුව රැක ගන්නට මා පෙරුමන් පිරුවා..
සැනසීමයී පුතුනි මා අද එය ඉටු කෙරුවා..

වේදනාවක් නොදැනේ මට සංතෝසයී...
නමුත් නාඩා ඉදින්නකෝ මට යන්නට ලෝභයි..
එක් වරක් ඔබේ තුරුලට එන්න ආසයි..
හනිකට තුරුලට ගන්නකො මගෙ පණ යන්න ලගයී...🥺🥺

( අවසන් හුස්ම රැකගෙන ඉන්න යැංසිගෙන් එයාගෙ ජානුට.. )

පපුවෙන් ගලා යන ලේ ගග ඔහේ ගලාගෙන යද්දී පැත්තකට විසික් උන ජාන් කන් දෙකත් අල්ලන් එක පාරට බැලුවේ තමන්ගේ මව දිහා..

❤️ දෙයියනේ මමාහ්.............නෑ... නෑ.....🥺🥺😭😭😭😭😭

තමන් අසලම බිම ඇද වැටී ලාවට ඇරුනු ඇස් වලින් තමන් දිහාම බලන් ඉන්න යැංසී ගාවට ජාන් ආවේ බිම බඩ ගාගෙන වෙද්දි ෆ්‍රෑන්ග් පවා කෑ ගහලා ඇඩුවේ තමන්ගෙ පියා නිසා වෙන අපරාධ වල අවසානයක් නැති නිසා...

ජාන්ගෙ දෙපා පණ නැති වෙද්දි කොල්ලා බිම ඇතිල්ලීගෙනම තමන්ගෙ මව ගාවට යද්දි ඒ පණ වේගයෙන් උඩට පහළට උනේ අතක් යාන්තමින් උස්සලා ජාන්ට කතා කරමින්...

I Bite You In My Eyes ✔️✔️Where stories live. Discover now