chapter 8

680 149 7
                                    

ඩාන්සින් ප්‍රැක්ටිස් වලදි කකුලේ උන ප්‍රශ්නයක් නිසා ඔප්පාට ඩාන්ස් කරන්න බෑ කියලා ආර්මිලාට බිග්හිට් එකෙන් දැනුම් දුන්නා..මන් දන්නවා ඔප්පාගේ කකුල ඉක්මනට හොද වෙන්න කියලා හැමෝම වගේ ප්‍රාර්ථනා කරනවා කියලා..ඒත් සමහර වෙලාවට මගේ හිතට ලොකු බයක් දැනෙනවා..ආර්මිලා දැන ගත්තොත් ඔප්ප බැදලා ලොකු ලමයෙකුත් ඉන්නවා කියලා..මට හිතාගන්න බෑ එයාලගේ රියැක්ශන් කොහොම වෙයිද කියලා.

කකුලේ ඩැමේජ් එක නිසා ඩාන්ස් කරන්න බැරි වෙන එකට ඔප්පා හුගක් ඇඩුවා..ඔප්පා ගැන ඇත්ත දැන ගත්ත දවසට ආර්මිලාගේ රියැක්ශන් වලට ඔප්පා කොහොම මූන දෙයි ද කියලා මට හිතාගන්න බෑ..
එක්කො මන් මොකටද ඒ ගැන හිතන්නේ..එයාගේ වයිෆ් ඉන්නේ ඒවා බලාගන්න නේ.

නාදියා එයාට උබ ආදරේ කරනවාද ?? අනි ඒක වෙන්න බෑ..ඒක පොඩි ආකර්ෂණයක් විතරයි..

ඒත් පොඩි ??

නෑ..ඒක පොඩි නෙමෙයි..ලොකු ආකර්ෂණයක්..

කොල්ලො හත් දෙනෙක් එක්ක කොල්ලෙක් වගේ ඉන්න තරම් ඒක ලොකු ආකර්ෂණයක්..

ඒත් මන් කවුද කියලා එයාලා දැනගත්තොත් එහෙම මොකද කරන්නේ ?? මගේ ඔලුව පිස්සු වගේ..
ඔයාට දැන් හැරෙන්න බැහැ නාදියා..ඔයා මේ ගේම් එකේ හුගක් දුර ඇවිල්ලා ඉවරයි..

මගේ අවදානේ එකපාරටම බිදිලා ගියේ චූටි අත් දෙකකින් මගේ ඇස් වැහෙනවා දැනුන නිසායි..මන් දන්නවා ඒ කවුද කියලා..ටේ ඔප්පාගේ රෝස මල..
මගේ චූටි දෝනි..

මගේ ?? තමුන්ට මන් කිව්වා නාදියා අයිතිවාසිකම් කියන්න එපා කියලා..කවදා හරි මේ හැම දේම අමතක කරලා යන්න වෙන දවසට දරාගන්න බැරි වෙයි ඔයාට..

දෝනි...

මන් හිනා වෙවී එයාගේ චූටි අත් අල්ලන් කිව්වාම එයා ඉක්මනට මගේ ඉස්සරහට ඇවිල්ලා මගේ ඔඩොක්කුවෙන් වාඩි උනා.

දෝනි තනියම ද ආවේ ??

මන් එහෙම ඇහුවාම එයා නෑ කියලා ඔලුව වැනුවා. මන් දන්නවා ටේ ඔප්පා කවදාවත් එයාව තනියම කොහෙවත් යවන්නේ නෑ කියලා..ඒ උනාට එයාට උත්තර දෙන්න ලේසි වෙන්න මන් හැම වෙලේම එයගෙන් ඔව් නෑ බෑ ප්‍රශ්න අහන්නේ..

Little Rose || KTH || Completed ✔️✔️Where stories live. Discover now