32.නුඹ කරා ❤️

1.2K 220 46
                                    

ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ.....
.
.
.
.
රෑත් නින්දක් නැති නිසා ඇස් දෙක ලාවට වගේ පියවීගෙන යද්දි නිදාගන හිටපු අනික් හිරකාරයො ටික නැගිටින සද්දෙ මට ඇහුණා.....ඉතිං දැන් කොහොමටත් නිදාගන්න වෙන්නෙ නැති නිසා මමත් එහෙමම හිටියා....
.
.
.
.
.
"ආ අලුත් මල්ලි....උඹට ඊයෙ නින්ද ගියාද බන්.....?"

ඉස්සෙල්ලා මගෙත් එක්ක වලියක් දාගනිපු අර මනුස්සයා නැගිට්ට ගමන් මගේ ළගට ඇවිල්ලා   එහෙම ඇහුවා ....සමහරවිට හිරේ හිටියට උන්ටත් හේතු තියෙන්න ඇති හැමදේටම .....මුලදි මමත් හිටපු පටු ආකල්ප වලින් මං මිදුණෙ මටත් ඒ අත්දැකීම් ලැබුණ නිසා....ජීවිතේ වයසටත් වඩා මට දැන් හැමදේම ගැන ලොකු තේරුමක් තියනවා.....

ඉතිං මුකුත් නොකියම මං ඒ මනුස්සයට මලානික හිනාවක් දුන්නෙ ඒකෙන් එයාට හැමදේම තේරුම් ගන්න ....

"ගණන් ගන්න එපා බන්...ටික දවසකින් උඹට ඔය ගතිය ඇරිලා යයි....යමන් මූණ සෝදන් එන්න....."

හිතුවා වගේම එයා මගේ හිනාවෙ අරුත තේරුම් ගනිද්දි මට සතුටු හිතුණා...ඉතිං මාත් එයාගෙ පස්සෙන් වැටුණා ....

මගෙ කතාව ඇහුවම හැමෝම මට අනුකම්පා කරන්න ඇති කියලමයි මට හිතෙන්නෙ...මොකද නැත්නම් මං අහලා තියන විදියට හිරේ ඇතුළට අලුත් එකෙක් ආවොත් ඌට පුදුම විදියට කරදර කරනවා....ඒත් මුන්ගෙන් මට කිසි කරදරයක් නෑ....

ඕන එකක්....හැමදෙයක්ම වෙන්නෙ හොදට කියල මමත් උන් එක්ක සාමකාමීව ඉන්න හිතුවා....

අර මනුස්සයා එක්ක ගිහින් මූණකට සෝදන් මං බැලුවෙ අනික් වැඩේ කරන්නෙ කොහෙන්ද කියලා...ඔව් ඉතිං ඊයෙ රෑ ඉදන් මං සූ දාන්නවත් ගියේ නෑ...තව ටිකක් හිටියොත් මුත්‍රා බොක්ක පුපුරනවා....😕.....

"අයියෙ......"

මං ලොකුකම පැත්තක දාලා අර මනුස්සයටම කතා කළා .....මොනව  උනත් මාත් එක්ක වලියට ඇවිල්ලා හරි වචනයක් කතා කරපු එකම එක්කෙනානෙ....අනික් උන්ගෙන් කේස් එකක් නැති උනාට උන් මාත් එක්ක කතා කළේ නම් නෑ....ඒකයි මං මෙයාටම කතා කළේ......

මං කතා කරපු නිසා මූණ සෝද සෝද හිටපු එයා මගේ දිහට හැරුණා......

"මොකෝ කේස් එක මල්ලි.....?"

🚫ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ 🚫(bl Non Fiction  Completed  )Where stories live. Discover now