20.In a Hundred Lifetimes,I'd Choose you

378 93 21
                                    

💜️ වසර 5 කට පසු 💜️ :

වෙනදට වඩා ඉක්මනින් මෝර්නින්ග් රුටීන් එක ඉවර කරලා බ්ලැක් ස්කිනී ජීන් එකකට බ්ලැක් ඕවර්සයිස්ඩ් හුඩී එකක් ඇදගෙන කලින්ම ලෑස්ති වෙලා හොයාර් ස්ප්රේ එකත් අරගෙන ජන්ග්කුක් මිරර් එක ලගට ගියා.

කොන්ඩෙ අතෙන්ම පස්සට කරල හදන ගමන් ජන්ග්කුක් එයා දිහාම බලාගෙන හිනාවුනා.

අවුරුදු ගානක් ගත වෙලා තිබුනත් තාමත් ජන්ග්කුක් ගෙ කඩවසම් බවේ කිසිම වෙනසක් පෙනුනෙ නෑ.එදා වගේමයි.නෑ එදාටත් වඩා කඩවසම්....

තවත් එකම වතාවක් මිරර් එක දිහා බලල ජන්ග්කුක් කර්ට්න් එක මෑත් කරලා ස්ලයිඩ් ඩෝ එකත් එහාට කරගෙන බැල්කනි එකට ආවා.උණුසුම් හිරු රැස් මූනට වැටෙද්දි ජන්ග්කුක් අත් දෙකත් ස්ට්රෙච් කරන ගමන් අපාර්ට්මන්ට් එකෙන් පහල බලාගෙන හිටියා.

ඈතින් පේන ගස් කොල හැලිලා කනාටු වේගෙන යනවා.තැඹිලි,කහ වගේ පාට පාට කොල වලින් පාරවල් වැහිලා හරියට පාරාදීසයක් වගේ.

ඒ සරත් ඍතුවේ අවසානය නිසා ලස්සනට ඉර පායලා තිබුනත් තද සීතල හුලගක් නිතරම ඇග වටේ දැවටෙනවා.

කාර්යබහුල සෝල් නගරයට අද තවත් එක් සාමාන්‍ය දවසක් වුනත් ජන්ග්කුක් ට අද දවස ගැන හිතද්දි දැනුනෙ වචන වලින් කියාගන්න බැරි විදිහෙ හැගීමක්....

අවුරුදු ගානක් තිස්සෙ දැකපු අවිනිශ්චිත හීනයක් අද එයාගෙ ඇස් ඉස්සරහ ඇත්තක් වෙන්න යනව කියල හිතද්දි ජන්ග්කුක් ට දැනුනෙම පපුව හිරවෙනව වගේ.මේ නිසාම ඊයෙ රෑ පුරාම ජන්ග්කුක් ට නින්දක් තිබුනෙත් නෑ.

හැමදේම හරිම සන්සුන්...හරියට මහා කුනාටුවකින් පස්සෙ දැනෙන නිහඩ බව වගේ..

ජීවිතේ හොදම කාලය ගෙවිලා ⁣ගිහින් කියල හිතුනත් හැමදාමත් වගේ ජන්ග්කුක් ගෙ හිතේ තිබුනෙ හෙට දවස ගැන නැවුම් බලාපොරොත්තුවක්.

ඩිස්බෑන්ඩ් වෙලා වගේම මිලිටරි සර්විස් එකෙන් ඉවත් වෙලා අවුරුද්දක් වෙන්නත් ලගයි...

ඒත් තාමත් ජන්ග්කුක් ට විතරක් නෙවෙයි මෙම්බර්ස්ලා හැමෝටම එයාල ආදරේ කරපු දේවල් වලින් ඈත් වෙලා අලුත් ජීවිතයක් පටන් ගන්න බැරි තරම්.හැමෝම හිතාමතාම අතීතය ගැන මතක් නොකර ඉන්න උත්සහ කලේ ඒක එදා එයාල හිතුවටත් වඩා අද දරාගන්න බැරි දෙයක් කියල දන්න නිසා.

His Moon  [Jikook | Completed ]Where stories live. Discover now