drizzle 21

2K 395 18
                                    


විහාශි අක්කලගේ ගෙදරින් එද්දි 6ට විතර ඇති. එයාගේ අක්කගේ බබාලා දෙන්නත් ආපු නිසා මායි චූටි අයියයි ඒ දෙන්නා එක්ක හොඳට දැඟලුවේ ලොකූ කෑ ගහද්දි. 

"ඇත්තට සුදූ තමුසේ නම්.....දෙන්න හිතෙනවා  මට හොඳ ගුටියක්. බලනවා හැටි තමුසෙගේ. අර පොඩි උන් එක්ක බිම දඟලලා දඟලලා......යනවා ගිහින් හෝදගෙන එනවා."  ඒ අපේ ලොකූගේ කටහඬ.

"ඒ මිනිස්සු මොනා හිතුවද දන්නෑ....අවුරුදු 29කුයි 30කුයි වෙන කොල්ලෝ දෙන්නෙක් පොඩි එවුන් දෙන්නෙක් එක්ක මොකුන්ද වගේ දඟලද්දි." ඒ අපේ ලවින්ග් මමීගේ කටහඬ.

"මොනා හිතන්නද සුමේධා. උන් දෙන්නා මගේ පොඩි උන් දෙන්නනේ. නරක වැඩක් කරායෑ මොකෝ..." ඒ කවදත් මට සපෝර්ට් එක දෙන ආදරණීය පියාණෝ. පොඩි අයියා මාව ඇදගෙන ගිහින් බාතෲම් එකට දාලා දොර වැහුවා. මං හිනා වෙවීම වොශ් කරන්න පටන් ගත්තේ මුළු හිතම පවුලේ ආදරෙන් පිරිලා යනකොට.  

වොශ් එකක් දාගෙන ඇවිල්ලා ලොකූ එක්ක හුරතල් වෙන්න හදනකොට එයා මාව කනෙන් අල්ලලා ඈත් කරලා මට ඇඳුම් ඇන්දුවා. අපි දෙන්නා ටීවී බලන්න පටන් ගද්දි අනික් ඩබලත් ඇවිල්ලා වාඩිවුනා. අම්මයි තාත්තයිත් ඇවිත් වාඩි වුනාට පස්සේ ලොකු අයියා ෆිල්ම් එකක් දැම්මත් පොඩ්ඩ වෙලාවකින් චූටි අයියා මගේ ඔලුව අතගානකොට දැනුන සනීපෙටත් දඟලපු මහන්සියටත් මට එහෙම්මම නින්ද ගියා. 

......................................................................

"සුදූ.....මල්ලී.....නැගිටින්න. මේ කෝපි එක බොන්න....." ලොකූ මාව තුරුල් කරන් කියනකොට මං හෙමිහිට ඇස් ඇරියා. 

"ම්හ්හ්....ලොකූ .....දොයිමතයි අප්පා.....කෝ අම්මා" මං ඇහුවේ වෙනදට උදේට නැගිට්ටවන්නේ අම්මා නිසා.

"අම්මයි තාත්තයි ගියා නැකත් බලන්න. පොඩී චූටී හොටෙල් එකට ගිහින් එන්න ගියා." ලොකු මාව ඇඳේ පිටිපස්සට හේත්තු කරවලා කෝපි එක අතට දුන්නා. මං එහෙම්මම එයාගේ පපුවට බර වුනා. 

"සුදූ...."

"ම්ම්ම්ම්"

"මං අහන්නමයි හිටියේ...."

"මොකද්ද ලොකූ...."

"උඹ මොකෝ මේ ටිකේ අපේ අස්සෙම.....ම්ම්ම්....ඇඟේම දැවටෙන්නේ මොකෝ චූටි කාලේ වගේ?" ලොකු අයියා මාව පපුවට හේත්තු කරගෙන මගේ ඔලුව අතගාන ගමන් ඇහුවා. සමහරවිට මං හංගන රහස නිසා වැරදිකාරී හැඟීමක් මගේ යටි හිතේ තිබුනා වෙන්නැති. ඒ හැඟීම නැතිකරගන්න මං නොදනුවත්වම ඕනවට වඩා මගේ අයියලා අස්සෙම ඉන්නවද දන්නෑ. මගේ පොඩි වෙනසක් පවා තේරෙන අයියලා තුන් දෙනෙක්ට ඒක හංගන එක අමාරුයි. 

DrizzleWhere stories live. Discover now