කඳුළැලි - 26

1.3K 286 44
                                    

මම නැවත අවදි වූයේ සහේෂ් පැමිණ මා අවදි කළ පසුයි. ඔහු මගෙන් විමසා සිටියේ අපි දෙදෙනා කාමරයේ සිරව සිටීමට හේතුවක් මම දන්නවාද යන්නයි.

මම අසරණ ලෙසින් හිස දෙපසට වැනුවේ මම කිසිවක් නොදන්නා බව කීමටයි.

'අනේ මන්දා... මමත් මෙතනින් ඉඳගත්තා. ඔයා නැගිට්ටනකන් වෙච්ච දේවල් මට මතකත් නෑ.' මම මුසාවක් පැවසුවෙමි.

සහේෂ් හිස අල්ලාගෙන ඇඳ මතින් හිඳගත්තේ ඔහුගේ හිස ඇදුම් කන බවට කෙඳිරි ගාමිනි. අපි දෙදෙනා මද වේලාවක් නිහඬව ඔහේ බලා සිටියේ කිරීමට කිසිවක් සිතාගත නොහැකිවයි.

මම මගේ පරණ ආදරය සමගින් කාමරයක සිරවී සිටි අතර ඔහු අතින් මා දූෂණය වීම පවා ඔහුට මතක නොතිබීම හේතුවෙන් මට කිසිවක් නොවූ ලෙසින් සිටීමටද සිදු වී තිබිණි.

එක් වරම අපි දෙදෙනාවම තිගස්වමින් කාමරයේ දොර විවර විය. දොර අසල සිටගෙන සිටියේ කෝපාන්විත බැල්මකින් යුතු යෙහෙනිය. ඇය කාමරය තුළට ඒමට පෙර මා දෙසටත් කාමරය පුරාවටත් බැල්මක් හෙළුවාය.

මම නැගී සිටීමට උත්සාහා කළත් යෙහෙනි එක්වරම ඉදිරියට විත් සහේෂ්ගේ කම්මුලකට අත දිග හැර පහරක් එල්ල කළාය.

මම ජනේලය අල්ලාගෙන එතැනට වී සිටිගෙන බලා සිටියෙමි.

'මට තමුසෙව පේන්න බෑ සහේෂ්!' යෙහෙනි කීවේ තවත් පහරක් සහේෂ්ට එල්ල කරනා අතරේය.

'යෙහෙනි...' මම නැගිටීමට උත්සාහා කළෙමි.

යෙහෙනි වියරු බැල්මකින් මට සංග්‍රහ කරන අතරේම සහේෂ්ගේ දෙපා මැදට පා පහරක් එල්ල කරේ ඔහු ඇයට පහර දෙන්නට තැත් කරද්දීය. ඔහුව ඇඳ මතට ඇද වැටෙද්දී යෙහෙනි මා දෙසට ඇවිද ආවේ මම වෙන්නට යන්නේ කුමක්ද යැයි සිතා ගැනීමට හෝ සිතා ගත නොහැකිව අසරණ වද්දීය.

මා අසලට ළං වද්දී මට දැකිය හැකි වූයේ යෙහෙනි හඬමින් සිටි බවයි. ඇය මගේ ගෙලෙන් ඇද මාවද සහේෂ්ගේ එහා පසින් ඇඳට තද කළේ ඇගේ ග්‍රහණය මදකුදු හෝ අඩු නොකරමිනි.

මම ඇගේ අත මගේ ගෙලෙන් ඉවත් කිරීමට උත්සාහා දැරුවද ඇය වියරු වැටුණු රාක්ෂයෙකු මෙන් තදින් මගේ ගෙල සිර කරගෙන සිටියාය. මම යමක් කීමට තැනුවත් ඇගේ කොපුලින් ගලා ආ කඳුළක් මගේ මුහුණට වැටීමෙන් මම පසු බැස්සෙමි.

කඳුළැලි | tears | Sinhala BL [COMPLETED]Where stories live. Discover now