කඳුළැලි - 27

1.4K 311 121
                                    

මගේ මුළු ජීවිතයම උඩි යටිකුරු කරන්නට සහේෂ් සමත් වී තිබුණේ ඒ ආකාරයෙනි. ඔහු දැනුවත්ව හෝ නොදැනුවත්ව මට කර තිබූ දෙය හේතුවෙන් මම අන්ත අසරණව සිටියෙමි. ශනල්ක කිසිවක් නොවූ ආකාරයෙන් මගේ අසලින්ම රැඳී සිටිමින් මට කැවීමේ සිට නෑවීම දක්වා සියල්ලම සිදු කළේ මගේ වරදකාරී හැඟීම් තව තවත් වැඩි කරවමිනි. 

ඒ අතර යෙහෙනි මාව දිගින් දිගටම මග හරින්නට වූවාය. ඇය සෑම දිනකම උදෑසන සුපුරුදු ලෙස මට තේ කෝප්පයක් රැගෙන පැමිණියද ඇය පෙර පරිදි මා සමගින් සුහද ලෙස හැසිරුණේ නැත. ඇය යමක් පිළිබඳ කෝපයෙන් සිටින බව මට පැහැදිළි වුවත් ඒ සහේෂ් සමගින් මා රැයක් ගත කිරීම නිසාද යන්න මට පැහැදිළිව ‌තේරුම් ගත නොහැකි විය. 

සහේෂ්ගේ සිදුවීමෙන් පසු තෙවන දිනයේදි ‌යෙහෙනි මට උදෑසන තේ කෝප්පයක් රැගෙන පැමිණියේ නැත. ඒ වෙනුවට කාමරයට පැමිණි ශනල්ක කියා සිටියේ යෙහෙනි කොහේදෝ පිටව ගිය බවයි. ඇය ගියේ කොතැනක වුවත් මගේ සිත මට වද දෙමින් කියා සිටියේ ඇය අනතුරුදායක යමකට ගොස් ඇති බවයි. මම දින හතරක් පුරාවට වදනක් හෝ කතා නොකර සිටි ‌හෙයින් මම ඔහුට පිළිතුරක් ‌දීමට නොගියෙමි. සුපුරුදු ලෙස ඇඳට වී මම දිනයම ගත කිරීමට සූදානම් වූවත් දහවල් දොළහට පමණ මට ඇසුණේ නිවසේ දොර‌ වේගයෙන් විවර වන බව හා නිවස තුළට යමෙකු දුවමින් පැමිණෙන ආකාරයයි.

ඊළඟට මම සිටි කාමරයේ දොර විවර විය. හති හළමින් සිටි ‌යෙහෙනිගේ හිසකෙස් අවුල්ව ගොස් තිබූ අතර ඇය කාමරයට දිව විත් මගේ එහා පසින් හිඳගෙන සිටි ශනල්කගේ උකුළට පැන ඔහුව වැළඳ ගත්තාය. මම ඔවුන් දෙදෙනා දෙස බලා සිටිනා අතරේදීම කිසිදා නොමැති ලෙස යෙහෙනි හඬන්නට වූයේ ශනල්ක ඇයව සන්සුන් කිරීමට උත්සාහා දරද්දීමයි.

'අයියේ...' යෙහෙනි ඉකි ගසමින් ශනල්කගේ උරය මත හිස සඟවා ගත්තාය. 

'ශ්.. ශ්... ශ්... දැන් හරිනේ. ඒක ඉවරයි. කෝ අඬන එක නවත්තන්න හොඳ ළමයා වගේ.' 

යෙහෙනි සිටියේ ඇය කොහේ හෝ ගිය ගමනට පැළඳ ගත් සපත්තු යුවළ පවා පැළඳ ගෙනයි. ඒ තරම් ඇයව කම්පනයට පත් කළ කාරණාව කුමක්දැයි යන්න මට සිතාගත නොහැකි විය.

කඳුළැලි | tears | Sinhala BL [COMPLETED]Where stories live. Discover now