~= අම්බර 15=~

274 61 11
                                    

'' වාග්ෂස.. !!,. අය්යණ්ඩි !!!,. ඒ මුග්ධයා!!.. '' ආයුධාන දත්මිටි කමින් සිය සදාදරණීය අය්යණ්ඩියගේ ඉලපතට අපරිමිත වූ ආලයෙන් වැරෙන් ඇන්නේ ය. වාග්ෂසගේ වේදනාවට පත් මුහුණ ආයුධානයන් දෙසට යොමු විය. හේ සිය ඉණද පිරිමදිමින් ආයුධානයන්ට රවන්නට වූයේ ය. ආයුධානගේ හදිසි කෙළිලොල් බව වාග්ෂසට නම් දැන් දැන් හිසරදයක් බදු ය. එක් අතකින් සියල්ලන්ටම රවාගෙන සිටින , දැඩි සෙන්පති ආයුධාන දාහෙන් සම්පතක් වග වාග්ෂසට නොසිතුනාම නොවේ..

'' ඔයි මහන්දත්ථ කොටළුවා , නිහක්ෂ වග දැනගැනීමෙන් පසුවද මා දුටුවේ නෑ ඔවුන් දෙදෙනා අතර වෙනසක් හහ්.. '' ආයුධාන පැමිණිලි කලේ නිහක්ෂගේ හස්තයෙහි කුඩා දරුවෙකු ලෙස එල්ලී සිටි අම්බරව පෙන්වමිනි. නිසැකවම වාග්ෂස අවුලුවාලන අයුරු හේ දැන සිටියේ ය. ‍වාග්ෂස කිසිවක් නොදුටුවාක් සේ තම රිදී පැහැ උපැස් යුවල නාසය ඔස්සේ ඉහළට තල්ලු කළේ ය. හේ සිය සම් මල්ලේ සුරක්ෂිත කොටගෙන තිබූ දුර්වර්ණ වූ පුස්තක පිටු දෙක ප්‍රවේශමින් පිටතට ගත්තේ ය.

තමාට නොතේරෙන මහා විසල් යමක් ලෙස බලන්නාක් සේ ආයුධාන වාග්ෂස අත වූ පැරණි දුර්වර්ණ පිටු දෙසට එබී බැලුවේ ය. එය කොතෙක් බැලුවද තමාට එහි වූ එක් අක්ෂරයකදු නොවැටහෙන වග ආයුධාන හොදින්ම දැනුවත් ය. නමුත් එය දන්නා සේ ඇගවීමෙන් තමාගේ අභිමානය මදක් හෝ පවත්වා ගත හැකි වග ආයුධාන විශ්වාස කළේ ය. ඉදින් මෙකී පත් ඉරු විෂයෙයහි හේ දන්නා එකම කරුණ නම් ඒවා සසධාර්ගේ පසුම්බියෙහි තිබී හමුවූ වග පමණෙකි.
නිහක්ෂගේ අවධානය ද පත් ඉරු වෙත යොමු වන වග වාග්ෂස ඇස් සිය උපනෙතින් ඔබ්බෙන් නිරීක්ෂණය කළද ඔහු සිය පූර්ණ අවධානය පත්ඉරුව වෙත යොමා සිටියේ ය.

'' වෛකල්ප ශ්වාතසය හා අමරමූලානයේහි අතුරුදන් වූ පුස්තක පත්‍ර ද්විත්වය...... '' නිහක්ෂ හුදු අවිශ්වාසයෙන් නොව නිශ්චිතවම දැඩි විශ්වාසයෙන් පැවසුවේ ය. හෙතෙම තම මතයෙහි වූ දැඩි බව ඝන නීල දෑසෙහි වූ තීව්‍ර බැල්මෙන්ද හොදින්ම විදහා පෑවේ ය.

'' එසේනම් කුඹුක් අරණෙහි තහනම් කුටිය පීරා ඇති හැඩැයි ඔබත්.. '' වාග්ෂස ඍජුව ප්‍රශ්න කලේ සිය උපැස් ඔස්සේ තීව්‍ර බැල්මක් නිහක්ෂ වෙත යොමු කරමිනි .

𓀃 අම්බර 𓀃  ( On hold )Where stories live. Discover now