chapter 10

671 144 15
                                    

🐥 ටේ කින්චානා 🥺

🐯 ම..මට නැගිටගන්න බෑ...

ජිමින් මන් ලගට ආවෙම අඩාගෙන...පව්..එයාගේ ඇස්වල කදුලු..මන් නිසා ජිමින්ගේ ඇස්වල හැමවෙලේම කදුලු...ඒ කදුලු දකින හැම වෙලේම මන් මහ පව්කාරයෙක් කියලා හිතෙනවා..

🐥 කෝ එන්න..

ජිමිනුයි අයේශුයි එකතු වෙලා මාව අමාරුවෙන් උස්සලා බෙන්ච් එකෙන් තිබ්බා..දෙන්නාම කොට උනාට මොකද මාව උස්සන් ගිහින් පරිස්සමින් වාඩි කරවන්න පුලුවන් උනා..

කොහොමත් කොට ඩයල්වලට ඉක්මනට කේන්ති ගියාට හිත හොදයි කියනවානේ..

🐥 මොකක්ද උනේ ටේ...කකුල නිල් වෙලා..ලේත් එනවා..

🐯 මාව ලිස්සුවා..ටයිල් එකේ කොනකට කකුල කැපුනේ..🥺

🐥 අයේශ් මේ ශර්ට් එක අන්දවන්න..මන් කලිසම අන්දවන්නම්..මෙහෙම නැත්තන් අරන් යන්න බැහැනේ..

අයේශ් මට ශර්ට් එක අන්දනකොට ජිමින් මට ශෝර්ට ඇන්දුවා..ජිමින් කොච්චර පරිස්සමින් ඇන්දුවත් තුවාලෙ ශොර්ට වදිනකොට මට දැනුන වේදනාව වැඩි..ඒක ඉවසන් ඉන්න ඕනම නිසා මන් ලග හිටපු අයේශ්ගේ අත තද කරලා අල්ලගත්තා.

🐥 දැන් හරි...මන් සෝයොන්ග් නූනාට කෝල් කරන්න කියලා ජින් හ්‍යුන්ග්ට කියලා ආවෙ...

ජිමිනුයි අයෙශුයි මාව එක්කගෙන අනිත් අය ඉන්න තැනට ගියාම කට්ටියගේ ඇස්වල කදුලු..මන් ගියපු ගමන් අඩ අඩ ඉන්න කුකියාවත් තුරුල් කරන් ජින් හ්‍යුන්ග් ලගට ආවා..පව් එයාගේ ඇස්වල කදුලු..ජුන් හ්‍යුන්ග්නුයි යූන්ගි හ්‍යුන්ගනුයි මට බැන්නාට මන් දන්නවා එයාලා දුක හංගන්නයි එහෙම කෑ ගහන්නේ කියලා..එයාලගේ කදුලු දකින හැම වෙලේම මට හිතෙනවා මන් මටම රිද්දගෙන එයාලට තවත් රිද්දනවා නේද කියලා.

🌼 කෝ..මොකක්ද උනේ ??

ටිකක් වෙලා ගිහින් සෝයොන්ග් නූනා කඩාගෙන බිදගෙන ඇතුලට ආවා..හම්මේ අද නම් තඩි දේශනයක් තමයි..

නූනා බෙහෙත් දාන ගමන් මොන මොනවදො කියෙව්වා..මට ඒවා මුකුත්ම ඇහුනේ නෑ..ඔක්කොටම වඩා වේදනාව වැඩි..ලග හිටියේ මොකාද බැලුවේ නෑ මන් එයාව තද කරලා අල්ල ගත්තා...

Little Rose || KTH || Completed ✔️✔️Where stories live. Discover now