~=අම්බර 16=~

293 68 44
                                    

චන්ද්‍රන්ථය උදාවීම යනු ශ්වර වර්ෂයක් මධ්‍යයේ යෙදෙන්නා වූ පුර අමාවක දිනයයි. මුළු හෙළයේම චන්ද්‍රන්ථය එකාවන්ව සමරයි. ඉදින් ආලකපුරටත් , මන්ද්‍රා මැදුරටත් සේම ගෝකුළ් පැල්පතටත් චන්ද්‍රන්ථය එක සේ උදා වන්නේ ය. චන්ද්‍රන්ථය උදාවන රාත්‍රි කාලයේ සියලු නිවෙස් ඉදිරිපිට අග්නි ජාලා අවුළමින් එළිය කරයි. සියල්ල සැණකිලි ස්වරූපයෙන් ආලෝකමත් වන අතර සියලු නගර මධ්‍යයේ විසල් මණ්ඩප ඉදිකෙරෙයි. අමාවක නිසාවෙන් එළිය වූ අහසෙහි වූ විසල් තරු ගනිමින් මිනිසුන් එය උත්සවශ්‍රීයෙන් සමරයි. ඉදින් එය නම් ශ්වර වර්ෂයක අගනාම උත්සවය යැයි පැවසීම අතිශයෝක්තියක් නොවී ය.

වියැළුණු ඉපල් පදුරු අතරින් වැටුණු කුඩා මාර්ගයේ තරුණයන් සිව්දෙනා නිහඩව ගමන් කරමින් සිටියේ කුඩා ග්‍රාමයක් මධ්‍යයෙන් ය. සිතු පරිදී යුධාන්ථ පුරයට ළගාවීමට නම් තවත් සැතපුම් කිහිපයක්ම ගමන් කළ යුතු වග වාග්ෂස දැන සිටියේ ය. එක් අතකින් අසු පිට පැමිණියේ නම් ඔවුන්ට මේ වන විට යුධාන්ථය පුරයට ළගාවිය හැකිව තිබිණ. මද සුළගට යායම එකට වැනෙන ඉපල් පදුරු ගොල්ල සිව් සිත් මදකට සන්සුන්කොට තිබිණ. වාග්ෂසත් නිහක්ෂත් දැන් දැන් එකිනෙකා මගහැරීම ආයුධාන හොදින්ම දැක තිබූ මුත් හේ කිසිවක් පැවසීමට නොගියේ ය. අනෙක් පසෙන් අම්බර එයට හේතුව දැන සිටිය ද වාග්ෂස කුමරුන් නිහක්ෂ වෙනුවට තමා හා රැදීම ප්‍රිය කළේ ය.

ආයුධාන පිටුපසට අවධානය යොමු කරන තරමට ඔහුගේ ගෙල ගමනාන්තයේදි යහතින් පැවතියහොත් එයද එක්තරා අරුමයකි. හේ අම්බර දෙසත් ඔහු සතුව ඇති අලුවා දුසිම දෙසත් විටින් විට බලනු දැන් කිහිපවරක්ම වාග්ෂසගේ හා නිහක්ෂගේද අවධානයටද හසු විය. වාග්ෂස සිය මලණුවන් වෙත කිහිපවරක්ම සෝපහාස සිනහවකින් සංග්‍රහ කළද ආයුධාන නම් නොසැලුණේ ය.

'' '' නුඹ නැවත පැමිණෙන විට මා හට කිරි අලුවා දුසිමක් අවශ්‍යයි.. '' ''

තමා සසධාර්ට සමුදෙද්දී පැවසූ අවසන් වදන් ආයුධානයන්ගේ සිතෙහි ඝට්ටනය වේ. හේ කිසිවක් නොපවසා නිහඩවම නැවතත් ඔහේ වැනෙන ඉපල් පදුරු ගොල්ල දෙසට සිය විමසුම් දෑස් යොමු කළේ ය. තමා හා සම වේගයෙන් ගමනේ යෙදුණු නිහක්ෂගේ සවනෙහි නම් කුමක් හෝ අනතුරක සේයාවක් පතිත වී ඇති සෙයකි. නිහක්ෂ කිහිප විටක්ම ඉපල් පදුරු ගොල්ල දෙස විමර්ශනශීලි ලෙස සිය නීල දෙනෙත් යොමු කරනු ආයුධාන කිහිපවිටක්ම දුටුවේ ය. වාග්ෂස කුමක් පැවසුවද හේ නිහක්ෂව නම් විශ්වාස නොකළේ ය. හුදෙක් නිහක්ෂ කාලක්ෂගේ සොයුරා වීම පසෙකලූ විට ඔහුගේ උද්ධච්ඡ හැසිරීමම ආයුධානයන් නොරිස්සීමට පත් කළේ ය.

𓀃 අම්බර 𓀃Where stories live. Discover now