chapter 11

659 137 31
                                    

Nadia pov

🐥 අයේශ් මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕන ??

කාර් එකේ යන ගමන් ජිමින් ඔප්පා ඇහුවේ හෙන සීරියස් මූඩ් එකකින්..සාමාන්‍යයෙන් ජිමින් ඔප්පා හැම වේලේම හිනා වෙලා ජොලියේ හිටියට එයා වැදගත් දෙයක් ගැන කතා කරද්දි ෆුල් සීරියස්.

මොකක්ද හ්‍යුන්ග් ??

මගේ පපුවට තුරුල් වෙලා නිදාගෙන ඉන්න දෝනිගේ ඔලුව අත ගගා මන් අහනකොට ජිමින් ඔප්පා මන් දිහා ටිකක් වෙලා බලාගෙන ඉදලා කාර් එක වෙන පැත්තකට හැරෙව්වා..

🐥 මෙහෙම බෑ...අපි බීච් එකට යමු..ජන්ග්මිත් කැමති වෙයි..

ඔප්පා එහෙම කියලා දෝනිගේ ඔලුව අතගාලා මාත් එක්කත් හිනාවක් දාලා බීච් එකට ආවා..ලොකු හූඩියයි මාස්ක් එකයි දාලා වැඩිය සෙනග නැති පැත්තක් බලලා ඔප්පා කාර් එක නවත්තලා මාවත් එක්කගෙන බීච් එකට ආවා..

දෝනිව අමාරුවෙන් ඇහැරවලා බීච් එක පෙන්නුව ගමන් කෙල්ලට පිස්සු හැදිලා වගේ දගලන්න පටන් ගත්තේ..මාත් කෝකටත් මාස්ක් එකක් දාගෙනම බැස්සේ මේ වෙනකොට ටේ ඔප්පාගේ සෙකට්‍රි විදියට මොකෙක් හරි මගේ මූන සෝෂල් මීඩියා වල දාලා නිසා මට පාරට බහින්න බැරි තත්වයක් තියෙන නිසායි..

ජන්ග්මි දුවගෙන ගිහින් වැලි ගොඩේ සෙල්ලම් කර කර ඉන්නකොට ජිමින් ඔප්පා වැලි ගොඩේ මගේ එහා පැත්තෙන් වාඩි උනා.

🐥 අයෙශ්...ඔයා කාට හරි ආදරේ කරලා තියෙනවාද ??

කැහ් කැහ්...

මොනවාද මේකා මේ අහන්නේ..මට හිරත් උනා..

මෝ ??

🐥 ඇත්තටම බන් මන් ඇහුවේ...ඔයා කාට හරි ආදරේ කරලා තියෙනවාද ??

❤ හ්ම්...කෙනෙක්ට කරා..තාමත් කරනවා.. හැබැයි එයා ඉන්නේ මට ලබාගන්න බැරි තැනක..

🐥 ඒ මොකද ??

❤ එයයි මායි හුගක් වෙනස් හ්‍යුන්ග්...එයායි මායි මිනිස්සු කියනවා වගේ හොදම යාලුවෝ විතරයි.. එතනින් එහාට මට එයා ගැන හිතන්න බෑ..මන් හිතන්නේ එයාත් එහෙමයි..එයාට මාව යාලුවෙක්ට එහා පේන්නේ නෑ...මට පුලුවන් එයාගෙ යාලුවෙක් වෙලා එයාගේ හිත සතුටින් තියන එක විතරයි..

Little Rose || KTH || Completed ✔️✔️Where stories live. Discover now