~ = අම්බර 18 =~

320 64 17
                                    

'' අපට මෙහි ගැටලුවක් තිබෙනවා ... '' වාග්ෂස බැරෑරුම් ලෙස පැවසුවේ සිය උපැස් යුගලට ඉහළින් අන් තිදෙනා දෙස බලමිනි. චන්ද්‍රථයෙහි සිරි කැදවමින් මුළු හෙළයේම නිවෙස් ඉදිරිපිටදේ ස්වස්ථික පහන් පූජා පවත්වති. අවසානයේ සියලු දෙනා එක්ව අමාවක අහසේ වූ තාරකාවන් ගැනීම උදෙසා උද්යෝගයෙන් එක් රැස් වෙන මොහොතේ වාග්ෂස නම් බැරැරුම් පැනයක ය.

'' අවන්හලේ නේවාසික කුටි සියල්ල වෙන්ව අවසන්.. ඔවුන්ට ඇවැසි නම් යාබද තානයම් පොළේ කුටි ලබා දිය හැකි වගයි පැවසුවේ...නමුත්.. '' වාග්ෂස පැවසුවේ සිය ස්වරයෙහි වූ වගකිම් සහගත සෞම්‍ය බාවය රදවාගනිමිනි.

'' නමුත් අපට ශේෂව ඇත්තේ කුටි ද්විත්වයක් පමණයි.. '' වාග්ෂස පැවසුවේ කුටි දෙකෙහි අවසර පත්‍රයන් දෙක ඔසවා පෙන්වමිනි.

'' කුමක් ? හහ්.. '' සැමට ප්‍රථම වාග්ෂස බලාපොරොත්තු වූ පරිදිම ආයුධානයන්ගේ විරෝධය එල්ල විය .

'' ගැටලුවක් නොවේ වාග්ෂස කුමරුනි.. මමත් විජ්‍රාත් එක් කුටියක් පිරිමසාගන්නම්.. '' අම්බර විනිතව පැවසුවේ ය.

'' හුහ්... පෙනේද මොහු දකින ස්වප්නවල විසල් බව..!!!... '' සිය හිස වටා කැරකෙන්නා වූ බත්කූරෙකුට පිඹින්නෙකු සේ ආයුධාන නාසයෙන් පිඹිනු වාග්ෂස බලා සිටියේ ය. ඉදින් එක් පියවරක් වාග්ෂස තම මනසින් බැහැර කලේ ය. කිසිදු විටෙක අම්බරට නිහක්ෂ හා කුටියක් හුවමාරු කරගැනිමට ආයුධාන නම් ඉඩ නොතබන වග වාග්ෂස දනි. අන් පසින් තමාගේ පාර්ශවයෙන්ද ආයුධානයන්ගේ කරුණ සැබවින්ම බොහෝ බොහෝ නිවැරදි වග වාග්ෂස සිත යටින් නැගෙන්නා වූ මද සිනහාවෙන් සිතුවේ ය. හේ නාසය ඔස්සේ ලිස්සා ආ උපැස් යුගල මදක් ඔසවා නැවතත් පිරිස දෙස අවධානය යොමු කළේ ය.

'' හොදයි එසේ නම්.. යුදවි නුඹට හැකියි අම්බර සමග සිටිමට.... '' වාග්ෂස නිහක්ෂ දෙස නොබැලිමට ප්‍රවේසම් වෙමින් පැවසුවේ සිය ලවන් මැඩගෙන උපදින සිනහව මදකට වළක්වා ගනිමිනි.

'' අගෙයි.... '' ආයුධානගේ මුවෙහිද සැලකිය යුතු තරම් සිනහාවක් ඇදී යනු වාග්ෂස බලා සිටියේ ය. ආයුධානයන් කෙරේ අම්බරගේ පෙර වූ දැඩි විරෝධයද ආයුධාන වෙත එල්ල නොවූ වගද වාග්ෂස නිරික්ෂණය කළේ ය.ඇරැත් අම්බර සසධාර්ම වග විශ්වාස කරන විජ්‍රාද නිහඩවම සිය මුනිවත රැක්කේ ය. සිය සුරතට ලැබුනු කුටියේ අවසර පත රටක් රාජ්‍යයක් දිනුවකු සේ සුරතට ගත් ආයුධාන අම්බරට ද පෙනෙනා පරිදි එය ඔසවා පෙන්නුවේ ය. ඉදින් දැන් සියල්ල සන්සුන් ය... නැත සන්සුව ඇතිවාක් වාගේ ය..ආයුධාන අවිනිශ්චිතව සිය හිස කැසුවේ ය.කුමක් හො ගැටලුවක් කොහේ හෝ තිබෙන වග ඔහුට විශ්වාස ය. නමුත් .....

𓀃 අම්බර 𓀃  ( On hold )Where stories live. Discover now