24. Jungkookie..

286 77 11
                                    

අදට කුකියි,ජිමිනුයි මැරි කරලා හරියටම මාසයක් ගත වෙලා....

ජේජු වල ගත කරපු සතියක කාලයත්,ඊටපස්සෙ බූසාන් වල එයාලගෙ ගෙවල් වල පවුලෙ අයත් එක්ක ගත කරපු සති දෙක තුනක කාලයත් එයාලගෙ ජීවිතේ මෙච්චර කාලෙකට ගෙවුන ලස්සන ම දවස් ටික කිව්වොත් හරි..

ජිමින් ගෙ ඔම්මා,අප්පා වගේම ජීහියුන් ජන්ග්කුක් ට සැලකුවේ හරියට පොඩි ලමයෙක්ට වගේ.ඒ වගේම ජන්ග්කුක් ගෙ ඔම්මාට ජිමින් ව දැකපු වෙලේ ඉදන් ජන්ග්කුක් ඉන්නවද කියලවත් අමතක වෙලයි තිබුනෙ.ඒ හුරතලේට කව්ද වශී වෙන්නැත්තෙ?

බූසාන් හිටපු කාලෙදි දෙන්නම ⁣ජිමින්ගෙ අප්පත් එක්ක එකතු වෙලා ඇනිමල් ඕගනයිසේෂන්ස් කිහිපයකටම ගොඩක් ඩොනේෂන්ස් කලා...

ඇත්තටම දෙන්නටම හිතුනෙ සෝල් එන්නැතුව බූසාන් වලම නතර වෙන්න...

ඒත් එයාලට ආයෙත් වැඩ පටන් ගන්න වෙනවා.මොකද මේ වෙද්දි එයාල වර්ල්ඩ් ෆේමස් කම්පනි එකක CEO ලා.අලුත් ප්රඩක්ට්ස්,අලුත් කොලැබ් ප්රොජෙක්ට්ස් කීපයක්ම පටන් ගන්න තිබුන නිසා එයාලට ඉක්මනටම සුපුරුදු ජීවන රටාවට අනුගත වෙන්න වුනා...

සෝල් වලට ආවෙ ඊයෙ වුනත් ඒ දවසම ගත වුනේ ටේවයි අනිත් හ්‍යොන්ග් ලවයි බලන්න යන්න.මොකද මේ එයාල හම්බවු⁣නේ මාසෙකට පස්සෙ...හැමෝම එදා දවසම ටේ ගෙ අපාර්ට්මන්ට් එකට වෙලා එයාලට මිස් වුන ගොඩක් දේවල් ගැන කතා කරා..ඒ වගේම එයාල යන්න කලින් චූටි කුකීව තියල ගිහින් තිබුනෙ ටේමින් ලග.ටේමින් කියන්නෙ ජිමින් ගෙ හොදම යාලුවෙක්.ඒක නිසා එයාලට කුකීව ගන්න ටේමින්ගෙ ගෙදරත් යන්න වුනා..

මේ මාසෙ පුරාම ජිමින් හැම තත්පරයක් ම ගත කලේ කුකිත් එක්කමයි.ඒක නිසා ජන්ග්කුක්ට බයක් දැනුනෙ නැති වුනත් සෝල් වලට ආව ගමන් ආයෙත් ජන්ග්කුක් ගෙ හිතේ එක එක මනස්ගාත හොල්මන් කරන්න ගත්තා.ජන්ග්කුක් ට දැනුනෙම කව්රුහරි එයාල දිහා බලාගෙන ඉන්නව වගේ.වෙඩින්ග් එක දවසෙ ආව කෝල් එකෙන් පස්සෙ RJ ගෙන් ආයෙත් කිසිම සද්දයක් නෑ.ඒකත් ජන්ග්කුක් ට එක්තරා විදිහක මානසික වදයක්.ඒක නිසාම ජන්ග්කුක් හෙට සේජින් හ්‍යොන්ග් ව මීට් වෙන්නත් වෙලාවක් වෙන් කරගත්තා..

His Moon  [Jikook | Completed ]Where stories live. Discover now