chapter 15

666 155 16
                                    

ජිමින් ඔප්පාගේ නීති සංග්‍රහයට යටත් වෙලා මන් ඒ කාමරෙන් එලියට ආවා...හරි එයාගේ නීතිවලට අනුව මට එයාලා ඇදුම් මාරු කරනකොට එතන ඉන්න බෑ..ඒකට නම් මයේ හිත වාවන්නේ නෑ දෙයියෝ...මන් කොච්චර ආසාවෙන්ද එයාලගේ බොඩි ටිකට කෙල හල හල හිටියේ...

දෙවෙනි නීතිය බාතෲම් මුර කරන්න බෑ...කොල්ලො එක්ක ටොයිලට් එකේ ඉන්න බෑ...හරි ඒකට නම් මන් කැමති...දුකම කාරනේ කුකියාගේ ඇගේ ආයි ඔයිල් ගාන්නත් බෑ...හයියෝ එකී නොකී නීති ගොඩකට පොරොන්දු වෙලා පරිස්සම් වෙනවා කියලා මන් බොහොම අමාරුවෙන් ඔප්පාගෙන් බේරුනේ..

එයා නම් කියන්නේ ටේ ඔප්පාට මන් කවුද කියන්න කියලා...ඒත් මට බයයි...මන් එයාට කිව්වොත් මන් කෙල්ලෙක් කියලා ටේ ඔප්පාට කේන්ති යයි..මන් එයාට බොරු කිව්වාට එයාට කේන්ති යයි..මන් එයාගේ විශ්වාසයත් එක්ක සෙල්ලම් කරේ..මට බයයි එයාට ඇත්ත කියන්න..

එක එක දේවල් කල්පනා කර කර මගේ කාමරේට යන්න හදනකොටම මගේ කාමරේට ඉස්සරහ තියෙන ටේ ඔප්පාගෙ කාමරේ දොර ඇරිලා එකපාරටම මාව ඒකට ඇදිලා ගියා...

එකපාරටම උනේ මොකක්ද කියලා හිතාගන්න බැරි උනත් ටිකක් වෙලා ගියාම ටේ ඔප්පාගේ කේන්තියෙන් රතු වෙලා තියෙන ඇස් දැක්කාම මට බය හිතුනා..එයා මාව බිත්තියට තද කරලා රතු ඇස්වලින් මන් දිහා බලාගෙන ඉන්නේ මාව ගිලලා කනවාද කාලා ගිලනවද කියලා ලුක් එකකින්..

ට්...ටේ හ්‍යුන්ග්...

මන් වචන අමාරුවෙන් ගොත ගගා එයා එක්ක කතා කරේ..මන් මුකුත් වැරැද්දක් කරේ නෑ කියලා නම් දන්නවා..ඒත් ඇයි මෙයාට කේන්ති ගිහින්..දැක්කාම මට බය හිතෙනවා..කේන්ති ගිහින් ඉන්න නපුරු ඇස් දිහා බලන්න බයයි...ඒත් ඒවා ලස්සනයි...

🐯 තමුසේ මෙච්චර වෙලා ජිමින්ගේ කාමරේ මොනවාද කරෙ ??

ඒ නපුරු ඇස් මගේ ඇස් දිහා එක එල්ලේ බලාගෙනම එහෙම අහනකොට මට කට උත්තර නැතිව ගියා...ඒ කියන්නේ මන් ජිමින් ඔප්පාගේ කාමරේට යනවා දැකලා..දෙයියනේ එයා හැම දෙයක්ම දැක්කාද ?? ඒකද මෙච්චර කේන්තියෙන් ඉන්නේ..

🐯 කතා කරනවා අයේශ්...

❤ ම..ම..මන් ක..කතා කර කර හිටියේ...

Little Rose || KTH || Completed ✔️✔️Where stories live. Discover now