කඳුළැලි - 29

1.3K 286 90
                                    

සහේෂ්ගේ වදන් සවන් වැකීමත් සමග මට දැනුණේ මම සිහි නැතිවීමට ආසන්න වූවාක් වැනි හැඟීමකි. පාලමේ දාරය තදින් අල්ලාගත් මම ඔහු දෙස බලා සිටියේ කරකියා ගත දෙයක් නොහැකිව අසරණ වූ බැල්මක් සහිතවයි. 

'තිරිසනා...' 

මට පසුපසින් යෙහෙනි පිඹින හඬ ඇසීමෙන් මම පසුපස හැරී බැලුවෙමි. යෙහෙනිගේ අතක් අල්ලා ගත් ශනල්ක මා පසුපස සිටගෙන සිටි අතර යෙහෙනි කෝපයෙන් පිඹිමින් සිටියාය. ඇගේ අතේ තිබුණේ ඇගේ රිදී පැහැ යකඩ වතුර බෝතලයයි. 

ශනල්ක විත් මගේ අතක් අල්ලා ගත් අතර යෙහෙනි හිස වනමින් සහේෂ් අසලට ගොස් ඇගේ අතේ වූ යකඩ වතුර බෝතලයෙන් පහරක් ඔහුගේ හිසට එල්ල කළාය.

'මේකත් එක්ක තමුසෙගේ ඔළුවේ තියෙන ඔය තිරිසන් ලොකුකම බැහැලා පලයන්.' ඇය තවත් පහරක් ඔහුගේ ඔළුවට එල්ල කළේ සහේෂ්ව අඩි දෙක තුනක් පසුපසට තල්ලු වී යද්දීය.

'ශනල්ක තමුසෙගේ පිස්සු නංගිව ගනින් මගේ ඇඟෙන්!' සහේෂ් යෙහෙනිව පාලමේ පඩිපෙළෙන් පහළට තල්ලු කිරීමට වෑයමක් දරමින් බෙරිහන් දුන්නේය. 

'වෙන වෙලාවක නම් මම එයාව නවත්තන්න තිබ්බා. ඒත්... මම හිතනවා එයාට ඔයාව පේන්න බැරුව තිබුණ එක හරි කියලා.' ශනල්ක කීවේ මගේ උරහිස මතින් ඔහුගේ හිස තබාගෙන යෙහෙනිට වචනයෙන් සහය පල කරමිනි. මමද කිසිවක් නොකියා යෙහෙනිට සිත්සේ සහේෂ්ට පහර දෙන්නට ඉඩ හැරියෙමි.

ඔහු මගේ සිරුරින් ‌ප්‍රයෝජන ගැනීම පිළිබඳ නොතකා සිටීමට මට හැකියාවක් තිබිණි. එනමුත් ඔහු මෙහන්සාව එලෙස භාවිතා කළා යන කරුණ මගේ සිතේ ඇති කළේ පිළිකුලක් හා අප්පිරියාවකි. අවසාන වරටත් තමාගේ සපත්තුවෙන් සහේෂ්ගේ දෙපා මැදට පහරක් එල්ල කළ යෙහෙනි අප දෙසට ඇවිද ආවාය. 

'ඌ නම්...' ඇය දත් මිටි කෑවේ ශනල්ක මාව වාරු කරගෙන පඩිපෙළ බහිද්දීය. 'ගස් බල්ලෙක්.' 

මගේ මුවගට සිනහවක් ඇඳෙද්දී යෙහෙනිද මා දෙස බලා සිනාසුණාය. ඇය එක අතකින් අනෙක් අතට ඇගේ වතුර බෝතලය මාරු කළාය.

'යෙහෙනි නම්... අනේ මන්දා.' ශනල්ක මට කීවේ යෙහෙනි අසල වූ බේකරියකින් බනිස් ගෙඩියක් මිලට ගැනීම සඳහා ගිය විටයි. 

කඳුළැලි | tears | Sinhala BL [COMPLETED]Where stories live. Discover now