කඳුළැලි - 30

1.3K 291 29
                                    

යෙහෙනිගේ සාමාන්‍ය පෙළ අවසන් වීමත් සමගින් ඇය ගණිත අංශයෙන් දෙවන විභාගයට සූදානම් වන්නට වූවාය. මගේ විශ්ව විද්‍යාල කටයුතු ආරම්භ වී තිබුණු අතර ශනල්ක සිටියේ ඔහුගේ පියාගේ රැකියාව භාර ගැනීමට සූදානමෙනි. සියල්ල හොඳින් ගලා යමින් තිබුණු මුත් අපි තිදෙනා එකිනෙකාට නොපැවසූ ගැටළු අප තුළම ඇති බවද නොරහසක් විය. 

යෙහෙනිට වරින් වර ඇගේ සැත්කම කළ කොන්ද ප්‍රදේශයෙන් වේදනාවක් නැගී එමින් තිබූ අතර ඇය නිතර සිටියේ නුරුස්නා ස්වභාවයකින් යුතුවයි. කාලය ගතව ගොස් තිබුණේ අපටත් නොදැනෙන තරමේ වේගයකිනි. මෙහන්සා මියගොස් වසර හයකට ආසන්න කාලයක් පසුව ‌ගොස් තිබූ අතර මම ශනල්ක සමග ඔහුගේ කාමරයේ පදිංචි වීද වසර හයක් ගතවී තිබිණි. ‍

මේතාක් කාලයකට වෙනස් නොවී තිබූ එකම දෙය නම් කෙසේ හෝ මෙහන්සාගේ නඩුව නැවතත් ගෙන ඇයට සාධාරණයක් ඉටු කිරීමට මට තිබූ උවමනාවයි. එයට සුදුසු කාලය තවමත් එලඹ නොතිබුණේ ආර්ථිකව මම හෝ ශනල්ක දෙදෙනාම ස්ථාවර නොවූ බැවිනි. ඒ ඇරත් යෙහෙනිගේ අධ්‍යාපන කටයුතු අවසාන වනතුරු ඇයට සාක්ෂි කූඩුවකට නැගීමට ඉඩ දිය නොයුතුය යන්න මම තරයේ සිතේ සනිටුහන් කරගෙන සිටියෙමි. 

පාලමේ සිදුවීමෙන් පසුව මට කිසිදා සහේෂ් මුණ නොගැසීම මගේ සිතට ගෙන දුන්නේ සතුටකි. ඔහුගේ මුහුණ දැකීම පවා අප්පිරියාවක් බවට පෙරැළී තිබීම සාධාරණ විය. ශනල්ක පවා වරින් වර කියා සිටියේ සහේෂ් කළ කිසිම දෙයක් හේතු සහගත නොවූ බවයි. 

යෙහෙනිගේ පසින් ගතහොතින් ඇයට ඇගේ මව අතින් සිදු වූ අතවර කෙමෙන් ‌නතර වෙමින් තිබුණේ ඇයට වඩාත් නිදහසේ හුස්ම ගන්නට ඉඩ සලසා දෙමිනි. අනපේක්ෂිත ලෙසින් සියල්ල හොඳ අතට හැරීම තරමක් භයානක බව මට හැඟෙමින් තිබියදී නැවතත් බාධක අප හමුවට කඩා වැටීම ආරම්භ විය.

මුලදී එය පටන් ගත්තේ ශනල්කගේ වාහනයේ තිරිංග නැති වීම හේතුවෙන් ඔහුව රිය අනතුරකට හසු වීමයි. 

එදා සිකුරාදා දිනයකි. මම විශ්ව විද්‍යාල කටයුතු අවසන් වී නිවස කරා පැමිණෙමින් සිටියදී මගේ දුරකථනය නාද වන්නට විය. මම බස් රථයේ සිටම එයට පිළිතුරු දුන්නෙමි. 

කඳුළැලි | tears | Sinhala BL [COMPLETED]Where stories live. Discover now