කඳුළැලි - 31

1.3K 264 83
                                    

Mature content ahead | comment goal - 100


මෙහන්සාගේ නඩුව විසඳීමට පෙර අපි උසාවියට ඉදිරිපත් කළ සිදුවීම වූයේ සහේෂ්ගේ සිදුවීමයි. එහි ප්‍රතිඵලය ලෙසින් ඔහුට වසර දහයක් සඳහා පුනරුත්ථාපනය නියම වූ අතර වන්දි වශයෙන් මට මුදල් ගෙවීමටද නියම විණි. මම මුදල් ‌ගැනීම ප්‍රතික්ෂේප කළේ මට ඔහුව සැබැවින්ම අප්‍රිය වී තිබුණු බැවිනි. 

සහේෂ්ව පුනරුත්ථාපනයට නියම කිරීමෙන් පසුව ඔහුව බැලීමට ගියේද ශනල්ක හා මම පමණකි. ඔහුගේ දෙමාපියන් ඔහුව අතහැර දමා තිබූ හෙයින් සතියකට වරක් ශනල්කත් මමත් අපට හැකි තරම් දේ ගෙන සහේෂ්ව බැලීම සඳහා පැය කිහිපයක් පුරාවට ගමන් ගත්තෙමු. යෙහෙනි එයට දැඩි විරෝධයක් දැක්වූවද මට මගේ කුඩා කළ මිතුරාව අත හැර දැමීමට සිත එකඟ කරගත නොහැකි විය.

යෙහෙනිගේ විස් එක්වන උපන්දිනය දා අපි තිදෙනා පමණක් නුවරඑළිය කරා ගියේ ඇයට නවමු අත්දැකීමක් ලබා දීමේ අරමුණ කැටිවයි. සීතල පරිසරයේ ශනල්කගේ දෑතේ උණුසුමට ගුලි වී සිටි මට දැනුණේ මුළු ජීවිතයේම තිබූ දුක් කරදර මගෙත් ඈතට ගියාක් වැනි හැඟීමකි. 

යෙහෙනි ප්‍රීතියෙන් සෑම තැනකම උඩ පනිමින් ඇවිද ගිය අතර මමත් ශනල්කත් ඇගේ පසුපසින් අත් අල්ලාගෙන ගමන් කළෙමු. රාත්‍රියේ නතර වීමට අප තෝරාගෙන තිබුණේ විශාල වත්තක් මැද තිබූ බංගලාවකි. එහි ලී පඩිපෙළ නැග ගිය පසු හමුවම ඉහළ මාලයේ නිදන කාමර දහයෙන් කොණේම වූ කාමරය යෙහෙනිත් ඊට ඉදිරියේ තිබූ කාමරය මමත් ශනල්කත් තෝරා ගත්තෙමු. 

රාත්‍රිය එළැඹ තිබූ හෙයින් ශනල්ක මුලින් නාන කාමරයට ගියේ ස්නානය කිරීම සඳහායි. මම ඇඳ අසලින් සිටගෙන මගේ ඇඳුම් එකිනෙක ගලවා දමන්නට වූයෙමි. කමිසය හා කබාය ගලවා දැමූ මම දිගු කලිසම පමණක් සිරුරේ ඉතිරි වද්දී සිටගෙන දිගු සුසුමක් ගත්තේ දවසේ වෙහෙසකර බව පිට කර දැමීම සඳහායි. එක්වරම කිසිවෙකුගේ හෝ අතක් මගේ ඉණ වටා එතෙන ආකාරය දැනීමෙන් මම තිගැස්සුනෙමි. ඒ ශනල්ක බව මට නොබලාම කිව හැකි වූ හෙයින් මම ඔහුගේ සිරුරට බර වූයෙමි. 

'මිරූ...' ඔහු මගේ කන පසුපස සිප ගන්නා අතරේ කෙඳිරීය. මම කෙඳිරියක් නගමින් ඔහුගේ අතක් තදින් අල්ලා ගත්තෙමි. ශනල්කගේ ග්‍රහණය මගේ ඉණ වටා තවත් තද වද්දී මම ඔහුුගේ ‌කුසෙහි මගේ කොන්ද ස්පර්ශ වන තරම් ඔහුට තද වුණෙමි.

කඳුළැලි | tears | Sinhala BL [COMPLETED]Where stories live. Discover now