(.21.)

451 95 28
                                    

" ආහ්....ආහ්......මොකෝ මේ "
දිහස් අවීන්ගේ අත අතාරිනකොට ඔවුන් ඉදිරියේ චිත්‍ර ගුරුවරයා සිටගෙන සිටියා.

" දැගලිල්ල පොඩි එවුන් වගේ.....A/L නේ...."
ගුරුවරයා අහනකොට සිසුන් දෙදෙනා නිහඩව බලාසිටියා.

" මේටික මගේ රූම් එකෙන් දාන්න...."
කියූ ගුරුවරයා අවීන් අත විශාල ෆයිල් තොගයක් තබා යන්න වුනා.

" එයා වසද ? "
ඈතට යන ගුරුවරයා දෙස බලා දිහස් අසයි.

" කවුද අයාන් සර් , පිස්සුද ! එයා හරි හොදයි , ඒත් ටිකක් අමුතුයි....."

" අමුතුයි කූවේ "
දිහස් හිස මදක් ඇලකරා.

" කූවේ !? "
අවීන් සිනාවෙයි.

" කිව්වේ අනේ කිව්වේ කියලා කිව්වේ හිනාවෙන්න එපා..... "
දිහස්ට ලැජ්ජ හිතිනි.

" හරි හරි , චූටි කියන්නේ නිකන්ද ඉතින් "අවින් තොල් සපාගෙන සිනාව වලක්වාගන්න බලයි.

" අපි පොඩි කාලේ එයා මූඩ් ගහලා පිස්සෙක් වගේ හිටියේ.....ටිකකාලෙකින් එයා බැන්දා ලස්සන අක්කා කෙනෙක්ව..... ඊටපස්සේ සමාන්‍ය විදියට ඉන්න ගත්තා....ඒත් ළගකදි ඉදන් පුදුම සතුටින් සැහැල්ලුවෙන් ඉන්නවා..... සමහරවිට ඒ අක්කා ප්‍රෙග්නට් ඇති......එතකොට සතුටු හිතෙනවනේ "
අවීන් අතේ තියෙන ෆයිල් ටික ඇගට තද කරගත්තා.

" මන් ගන්නද ? "
දිහස් ෆයිල් ටික අල්ලගත්තා.

" ඔයාට බෑ , බරයි , කෝ අතගන්න "

අවීන් ඉදිරියෙන් යයි..... දිහස් පිටුපසින් එයි....අවීන් චිත්‍ර කාමරයට ඇතුල්ව බරැති ෆයිල් මිටිය අසල මේසයකට අතහැරියා.
දිහස් චිත්‍රකාමරයෙ දොර අ
හුස්මක් පහත දැමූ අවින් දෑත ටිකක් සොලවන්න වුනේ ෆයිල් බරට අතට ආ වේදනාව අඩුකරගන්න සිතාගෙනයි.

" අවී......"

" ම්ම්..... "

" ඔයත් ආසද ඔයාගේ වයිෆ් ප්‍රෙග්නට් වෙනවට ? "
දිහස් අහනකොට අවින් අත් ගැසිල්ල පසෙක තබා දිහස් දෙස බැලුවා.

" මොන , මට කොහෙද වයිෆ්ලා "

" හරි ලොකු වෙලා බැන්දම? "
දිහස්ගේ හදවත් වේගයෙන් ගැහෙයි. අවින් ඇස් සිහින් කොට දිහස් දෙස බැලිය.

One Day ( BL) (Onhold )Where stories live. Discover now