27.Family

301 78 10
                                    

SUGA : "සේජින් හ්‍යොන්ග් කිව්ව දේ අහල හිටියනම් මෙහෙම වෙන්නෑනෙ.මොනව කරන්නත් බෑනෙ මුන්ගෙ පන්ඩිතකම වැඩීනෙ.මොට්ට ජියෝන්.."

V : "ආහ් හ්‍යොන්ග්..ප්ලීස් අර මනුස්සයා තවත් අඩවන්නැතුව කට වහගෙන ඉන්නවද?"

ඔපරේටින්ග් තියටර් එක ඉස්සරහ දෙපැත්තට යන ගමන් තනියෙන් කියවන යුන්ගි ලගට ගියපු ටේ කිව්වෙ ඇස් වලින් ජිමින් ව පෙන්නලා..

හැමෝම තියටර් එක ලගට වෙලා බලාගෙන හිටියෙ ජන්ග්කුක් ගෙ සර්ජරි එක ඉවර වෙනකම්.හොස්පිට්ල් එකට අරන් එනකන්ම කුකීට සිහිය එනවා,ඊලග තත්පරේ ආයෙත් නැති වෙනවා..

ජිමින් එයාගෙ අත දිහා බැලුවෙ තාමත් එයාගෙ අල්ලෙ ජන්ග්කුක් ගෙ ලේ..

ඇස් වල කදුලු පුරවගෙන බිම බලාගෙන ඉන්න ජිමින් ලගට ගිය හොබී ජිමින් ගෙ ඉන ව⁣ටේ අත දාලා වාඩි කෙරෙව්වා..

JH : "ජිමිනා.."

JM : "හ්ම්.."

හොබී ජිමින් ගෙ කොන්ඩෙ අතගාන ගමන් බලාගෙන හිටියෙ ජිමින් මේ දවස් ටිකට කොයිතරම් දුර්වල වෙලා කෙට්ටු වෙලාද කියල.හැමෝටම ජිමින් ව දකිද්දි දුක හිතුනත් ආයෙමත් එයාල ලග ඉන්නව දකිද්දි පුදුම සතුටක් දැනුනෙ..

JH : "අපි මොනවහරි බොමුද..ම්..ඔයා සුදුමැලි වෙලා වගේ.."

JM : "මට එපා හ්‍යොන්ග්.."

ජිමින් ඔලුව දෙපැත්තට හොල්ලලා හෙමින් හොබීගෙ පපුවෙන් මූන තියාගත්තා..

හොබීට දැනෙනව ජිමින් ඉකිගහන විදිහ..

JM : "ම්..මං නිසයි එයාට එහෙම වුනේ හ්‍යොන්ග්.."

JH : " ඔයා දන්නවනෙ ජිමින්..ජන්ග්කුක් කියන්නෙ ගොඩක් ශක්තිමත් කෙනෙක්.එයාට මොකුත්ම වෙන්නෙ නෑ..තේරුනාද..හොද කොල්ලා වගේ අඩන්නැතුව ඉමු..ම්.."

මේ දවස් ටිකේම හිතේ තිබ්බ වේදනාව මේ වුන දේ්ත් එක්ක දහස් ගුනයකින් වැඩි වෙලා ජිමින්ට දැනුනා..
.
.

පැය ගානක් ගතවෙලත් හැමෝම තාමත් එකම විදිහට බලාගෙන හිටියෙ තියටර් එකේ ඩෝ එක දිහා..
.
.

අන්තිමේදි ඩොක්ටර් එලියට ආවෙ සුභ ආරංචියක් අරගෙන..

හැමෝම ඩොක්ටර් ලගට දුවගෙන ගියා..

His Moon  [Jikook | Completed ]Where stories live. Discover now