drizzle 38

1.9K 334 24
                                    


"සුදූ....නැගිටපන් හොස්පිට්ල් යන්නැද්ද?" මේ යකා තාම නිදි. අවුරුදු එකහමාරක් ගත වෙලාවත් මුගේ හුරතලේ අඩුවක් නැති හැටි ඇත්තට. "නැගිටපන් ඕයී...." මං කෑ ගැහුවා.

"ච්ප්...කෑ ගහන්නෙපා මනුස්සයෝ. අද මට ඕෆ්. නිදාගන්න දීපන්. මරාගෙන කනවා උඹව වද දුන්නොත්." මං කෑගහනකොට නැගිටලා මාව හපලා මගේ බඩ උඩින් ඔලුව තියාගෙන ඌ ආයේ නිදාගන්නකොට මට හිනා ගියා. මං හිනාවෙවීම එයාගේ ඔලුව අතගෑවේ පූසෙක් වගේ ඒ සනීපෙට අඩනින්දෙන්ම කෙඳිරිගානකොට.  මං එයාගේ මූණ දිහාම බලන් හිටියා. ඒ කොල පාට ඇස් වල දිලිසෙන ආදරේ තාමත් එහෙම්මමයි. දිග ඇස්පිහාටු තදින් පියවිලා. කම්මුල් රතු වෙලා සීතල වැඩිකමට. මං හපලා ඒම නෙමේ හොඳේ. සීතලට තමා එහෙම වෙලා තියෙන්නේ. මං හිනාවෙවීම අත් දෙකෙන්ම ඒ මූණ අල්ලගෙන හාදු තිබ්බා. මෙන්න ඒ පාර මගේ දිහා බලන් ඉන්නවා. 

"මොකද...." දහයකට ගහන්න වගේ කොල්ලා මගෙන් ඇහුවා. මං ඔලුව වැනුවේ මොකවත් නෑ කියන්න. 

"නිදියගන්න ඉතින්." 

"ච්ප්...නිදාගන්න තමා පුලුවන් යෝධ අලියෙක් මෙතන ඉඳන් මාව ගිලින්න හදනකොට." මට රවලා එහෙම කියලා බාගෙට හැලෙන මගේ ටීශර්ට් එකත් උස්ස උස්ස කොල්ලා ඇඳෙන් බැස්සා. 

ඇඳෙන් බැහැලා අඩිය තියන්න ගත්තා විතරයි..... මට බහුතරයක් දවසට ලැබෙන මරණීය බැල්ම ලැබෙනකොට මං හිනාවෙවී අහක බලාගත්තා. මොකෝ ඉතින් එයාගේ අකමැත්තෙන් වුනායෑ. හිකිස්. හිනාවෙන්න හොඳ නෑ මූ මාව කයි හිනාවෙනවා දැක්කොත්.

"තමුසේ නම්....මහා වදයක් යශ් අයියා....රිදෙනවා...." 

.........................................................

මං කෑම හදන්න පටන් ගන්නකොට යශ් සරම පිටින්ම පල්ලෙහාට ආවා. ඇවිත් කිචන් කවුන්ටර් එක උඩින් ඉඳගන්නකොට මං කෝපි එක ගෙනිහින් දුන්නා. මගේ ඉණ වටේට අත දාලා මාව ඇදලා ලඟට ගත්තා. මේ මිනිහට කන්න ඕනෙත් නෑ බොන්නෝනෙත් නෑ මාව එහෙන් මෙහෙන් අදින්න හපන්න ඉඹින්න තියෙනවනම් ඇති. 

"යශ්....අතාරිනවකෝ. කෑම හදන්නෝනේ." මං එයාගේ ඔලුව අතගාලා කිව්වා. ඒ එක්කම එයාගේ ෆෝන් එක රිං වෙන්න ගත්තා. මං ඒ අවසරෙන් බේරිලා පැනගත්තේ කෑම හදලා ඉවර කරන්න හිතාගෙන. 

DrizzleWhere stories live. Discover now