(.23.)

479 90 29
                                    

" ත්‍රීවිල් ඕනනෑ......පයින් යමු...... "
පාරමැද්දේ හිටන් ත්‍රිවිලයක් නැවැත්වීමට උත්සහ ගන්න අවින්ව දිහස් පිටුපසට ඇද්දා.

" අව්වනේ ඔයා කලු වෙයි. "
අවින් දිහස් දමා සිටින ඔහුගේ කැප්තොප්පිය තවත් පහලට ඇද්දේ දිහස්ගේ මුහුණ හොදින් ආවරණය වෙන්නයි.

" අවී........"
මියුමි දිවවිත් අවීන් හා දිහස් මැද්දෙන් සිටගත්තා.

" ඔයාලා ගෙදර යන්නද ඉන්නේ ? "

" ඕ.. ! "

" අවී මාත් එන්නද ? "

" අනේ මියූ මන් අද දිහස්ලෑ ගෙදර යනවනේ..... අපේ ගෙදර යනවනම් ගෙදරින්ම බස්සන්න තිබ්බා. "

" එහෙමද ? "
මියුමි යටිතොල සපාගත්තා .

" ප්‍රශ්නයක්ද මියූ?  "
දිහස් මියුමිගේන් අසයි.

" ප්‍රශ්න....ආහ් නෑ....බන් හදිසි අවශ්‍යතාවක් සෙට්වුනා....."
මියුමි සිනාවෙයි.

" මියුමි "
ගැඹුරු හඩින් මියුමිට කවුරුහෝ අමතනු ඇසෙන කොට තිදෙනම ඒදෙසට හැරුනා.

" යන් මන් ඇරලවන්නම් "
යතුරුපැදියක නැගුනු හතළිස් වියැති පෙනුමැති අයෙක් මියුමි දෙස බලා සිටියි.

" කවුද මේ ? "
දිහස් මියුමිගේ කනට කර අසයි.

" මාමා.... "

" ආහ්..... "
අවින් හා දිහස් හිස වනා ඇගේ මාමා හා සිනාවිය. මාමාද සිනාවකින් සංග්‍රහ කොට මියුමි දෙස හැරිනි.
" මාත් ගෙදර යන්නේ......යන් මා එක්ක......තනියම යන්න ඕන නෑනේ...... "

" ඔව් මියු ,තනියම යනවට වඩා ඒක හොදයිනේ..... "
අවීන් කියන කොට සිනාවූ මියුමි යතුරු පැදියට නැගගත්තා.

" පරිස්සමෙන් මියූ.... "
අතවනමින් දිහස් කියයි .

මියුමි හිසවනා සිනාවිය.

ඊළග මොහොතේ ඈ ඈතෙට ඇදෙන සැටි බලා සිටියි දිහස් අවින්ගේ අතින් අල්ලාගත්තා.

" අපිත් යමු.... "

.......................................

" ඔයා ට්‍රිප් එක යන්න එනවද ? "
අවින් ත්‍රිවිලයට ගොඩවුනු පසු බෑගය උකුල මත තබා ගත්තා.

" නෑ "

" ඇයි ? "

" එදාට මොකක් හරි වැඩක් තියෙනවද? "

One Day ( BL) (Onhold )Where stories live. Discover now