(.24.)

455 91 14
                                    

ඒ ලස්සන දවස ගෙවිලා දැනට සතියක් ඉකුත් වෙලා තිබුනා. අවි-හස් (😉) ආදරය ලස්සන ශක්තිමත්ව ඉදිරියට ගලායන්න වුනා.

මේදේවලින් වැඩිපුර සතුටුවුනේ මියුමි. එයාගේ යාළුවෝ හතරදෙනා සතුටින් ඉන්නවා දකිනකොට මියුමි සතුටු වුනේ හරියට අව්වේ පිළිස්සෙමින් තිබු කාන්තාර වැල්ලට ආසිරි වැසි වැටුනා වගෙයි.

යොමාල් අවින් හා දිහස්ගේ පටලැවිල්ල දැනගෙන දැන් දවස් දෙකක් වෙනවා.

" ඒකියන්නේ ඒක එහෙමද ? "
යොමාල් ඇස් ලොකු කරන් ආශ්කගෙන් අහනකොට ආශ්කා යොමාල්ගේ පිටට තට්ටුවක් දලා සංසුන් කලා.

මුලින්ම හුස්මක් උඩට ගත්තු යොමාල් අවීන් දිහයි දිහස් දිහයි මාරුවෙන් මාරුවට බලන්න ගත්තා.

ලැජ්ජවට දිහස් කම්මුල් රතුකරන් ඇස් බිමට හරවගන්න කොට අත්බැදන් හිටපු මියුමි මේසෙට වේගයෙන් ගහලා යොමාල් ඉස්සරහින් හිටගත්තා.

" දැන් ඔයාට මේක පස්නයක්ද ? පස්නයක්ද ?? "
මියුමි ඉනට අත තියන් කෑගහනකොට අශ්කා " මියු " කියලා කෑගැහුවේ දැනටමත් යොමාල් ඕනවටත් වඩා පුදුම වෙලා බයවෙලා ඉන්න නිසා.

" කට වහනවා මෙතන කතා කරන්නේ මන් "
අත දිග්කරලා ආශ්කට කිව්ව මියුමි යොමාල් දිහා බලලා එයාගෙ උරහිසට අත තිබ්බා. ඊටපස්සේ හිනාවුනා.

" ආ........මට නෑ.......හපෝ නෑ.....මන් කලින් අහල තිබ්බට gay කපල් දැකලා තිබුන්නෑ , ඒකයි චුට්ටක් කලබල වුනේ.....දන්නැද්ද ඉතින් ඩාම් වෙනවා , ඩූම් වෙනවා...නෙද ආශි "
යොමාල් ආශ්කා දිහා බලනකොට ආශ්කත් ඔලුව හොල්ලන්න ගත්තා.

" මේකේ අමුතු එකක් නෑ බන්  "
කියලා කිව්ව මියුමි ඇදුම හදන් අහිංසක පාටට පුටුවෙන් වාඩිවෙලා උකුලෙන් අත් දෙක තියාගත්තා.

මුලින් අහපු ගමන්ම කුණුහරුප දෙක තුනක් එක්ක අප්පිරියාවෙන් බලපු යොමාල් මියුමිගේ කැගැහිල්ලයි , සම්පූර්ණ කතාවයි අහලා ඇත්තෙන්ම හදවතින්ම එයාගේ හොදම යාළුවා වුනු අවීන්ගේ සම්බන්දෙට ගරු කරන්න වුනා.

ඊටපස්සේ ටික වෙලාවක් යනකන් කම්මුලට අත තියන් කල්පනා කරපු යොමාල් එකපාරම සභාව අමතන්න පටන්ගත්තා.

" ඒබන් අපි තෙරුන් ගත්තට සමාජේ අනිත් හැමොමත් පිලිගනිද බන් "

යොමාල් කියන එක ඇත්ත බව මියුමි දන්නවා. අලුත් පරම්පරාව සැළකියයුතු පිරිසක් මේදේ පිළිගත්තත් වැඩිහරියක් දෙනා පිලිකුලෙන් යුතුව හෙලාදකිනවා.

" හැමෝම සතුටු කර කරයන්න බෑ යොමා....... ඒවා පස්සේ හිතන්න ඉතිරු කරමු "
අවීන් යටිතොල සපාගෙන ඉන්න දිහස් දෙස බලාගෙන කිව්වා.

" මට හිතෙනවා බන් ලංකාවේ සම්මත වුනානම් හොදයි කියලා. "
ආශ්කා කියනකොට සියලු දෙනා හිසවනා පිලිගත්තා. හැබැයි මියුමි ඇරෙන්න.

" මොකද්ද දැන් සම්මත වෙන්න ඕන "

" සමලිංගිකත්වය "
අශ්කා හිමින් කිව්වා.

" ඇයි ? "
මියුමි කටකොනින් හිනාවෙනකොට අවීන් ප්‍රශ්න කලා.

" ඒම උනොත් කෙල්ලෙක්ට ජිවිතෙට බෙස්ටියෙක් තියාගන්න වෙන්නෑ..... කොල්ලෙක් වුනත් ඒමයි ඉතින් "
පිරිස තවමත් නොපැහැදිලි පෙනුමෙන් මියුමි දෙස බලා ඉන්නකොට ඈ පැහැදිලි කිරිම පටන්ගත්තා.

" කොල්ලෙක් තව කොල්ලෙක් එක්ක යාළුකමට කතා කලත් මිනිස්සු වැරදි විදියට බලන්න ගනි. කෙල්ලෙක් එයාගේ බෙස්ටිගේ අතින් අල්ලන් හිටියොත් වැරදියට හිතයි....... අන්තිමේදි සමහර ගෙවල් වලින් කෙල්ලොන්ට කොල්ලො එක්ක කතා කරන්න එපා කියලා තහංචි දානවා වගේ කෙල්ලෝ එක්කත් කතා කරන්න එපා කියයි..... "

" හරි ඉතින් "
ආශ්කා උරහිස් හැකුලෙව්වා.

" මුලින්ම ලංකාවේ ඉන්න මිනිස්සුන්ගේ ඔලු හෝදන්න ඕන...කැමතිනම් ඒකට සිස්ටම් චේන්ජ් කියන්නකෝ........ හැබැයි ඒකට ඉතින් දැන් පරිනතයි කියන බකපණ්ඩිත වැඩිහිටියන්ගෙන් පටන්ගන්න බෑ......අපි වගේ තරුණ අයගෙන් තමා පටන්ගන්න ඕන.  "
මියුමි අන්තිමට කතාව අවසන් කලා.

" ඕහ්.........උබ දියුනු වෙලානේ "
දිහස් අත්පුඩි ගහන කොට මියුමි ආඩම්බරෙන් එයාගෙ කොලරය මදක් ඉස්සුවා.

" යකෝ උබලා වගේ මම ඔල්මාදබඩු ලුක් එකෙන් ඉන්නෑ.... "




















අවි-හස් කියන එක හොදයි නේ......මන් නෙමේ රීඩස්ලා දෙතුන් දෙනෙක් තමා ඕක කිව්වේ 🙃🙃 එයාලට ටැන්ක්ස්.....❤️

අද චැපිය කොටයි.......සොම්රි....

Kishu :-)

One Day ( BL) (Onhold )Where stories live. Discover now