කඳුළැලි - 33

590 171 79
                                    

ශනල්ක වාහනයට නැග පිටව යන ආකාරය දෙස බලා සිටි මට හොඳක් දැනුණේ නැත. යමක් වැරදි බව මගේ සිතිවිලි කියමින් සිටි මුත් ඒ කුමක්දැයි වටහා ගැනීමට මට නොහැකි විය. සහේෂ්ව බැලීම සඳහා ඔහු තනිවම පිටත්ව ගියේ මම පසුගිය දින දෙස පුරාවටම රෝගීව සිටි බැවින් මට ඇඳෙන් නැගිට ගැනීමට පවා නොහැකි වූ බැවිනි. යෙහෙනි ඇගේ කාමරයට වී දොර වසාගෙන සිටි අතර ශනල්ක පිටව ගිය පසු මමද නිවසේ දොර වසා ගත්තෙමි. මගේ මුළු සිරුරම වේදනාවෙන් දැවෙමින් තිබූ අතර මම සෝෆාවෙන් වැතිරී ‌පොරවනයක් පොරවාගෙන දෑස් පියාගත්තෙමි. ශනල්ක පිටව යෑමට පෙර සාදා දී ගිය කෝපි කෝප්පය දුම් දමමින් මේසය මත තිබූ මුත් එය පානය කිරීමට හෝ සවියක් මගේ සිරුරේ නොතිබිණි. 

'අයියේ...' ‌ඒ යෙහෙනිගේ හඬයි. 

මම හිස ඔසවා බැලීමට තැත් කළද යෙහෙනි පැමිණ මගේ පසෙකින් හිඳගත්තාය. 'තාම අමාරුද?' 

මම සිනාසුනෙමි. 'ලොකු අමාරුවක් නෑ යෙශ්... පොඩ්ඩක් ඇඟ රිදෙනවා. කෝපි එක බොන්නත් ඕන.' 

යෙහෙනි සුසුමක් හෙලා නැගිට ගොස් මේසය මත තිබූ කෝපි කෝප්පය ගෙනැවිත් මගේ අතින් තැබුවාය. 'ඕන බොන්න. මම කල්පනා කළේ...' ඇය කීවේ ඇගේ අත තිබූ යමක් මට පෙන්වමිනි. ඒ මෙහන්සාගේ දිනපොතයි. මම කෝපි උගුරක් පානය කරමින් ඇය දෙස බලා සිටියෙමි. 'මම කල්පනා කළේ අද මේකේ තියෙන දේවල් ඔයාට කියනවද නැද්ද කියලා. සමහර දේවල් මටත් කියවගන්න බැරි තරම් අමාරු දේවල්...' 

'මම කැමතියි.' මම ඇය දෙස බලා ස්ථිර ලෙස කීවෙමි. 'මම කැමතියි නංගි ඔය දිනපොත නොකියවා ඉන්න. එයාව ආයෙත් මතක් කරගෙන එයාට වුණ දේවල් කල්පනා කරන එකෙන් මටවත් ඔයාටවත් හොඳක් වෙන්නේ නැති නිසා අපි ඕක අත අරිමු.' 

යෙහෙනි තොල් තද කරගනිමින් එය අනුමත කිරීමට මෙන් හිස වැනුවාය. 'මම හිතනවා ඒක හොඳ අදහසක් ‌කියලා.' මද නිහඬතාවයකට පසු ඇය නැවතත් මා දෙස බැලුවාය. 'ඒත් අයියේ... මම කියන්නම ඕන දෙයක් තමයි... එයා ඔයාට ගොඩක් ආදරේ කළා... ඔයා ගැන නොලියවුණු පිටුවක් නැති තරම් මේ පොත ඇතුළේ.' 

මම සිනාසුණෙමි. 'මම දන්නවා එයා මට ගොඩක් ආදරේ කළා කියලා. මමත් එයාට ඒ තරමටම ආදරෙයි.'

කඳුළැලි | tears | Sinhala BL [COMPLETED]Where stories live. Discover now