31.Let me just give up

301 80 11
                                    

JK : "මං ඔයාට කිව්ව නේද මෙතනින් යන්න කියල.හරි ඔයාට යන්න බෑනෙ.මං යන්නම්..."

ජන්ග්කුක් තරහෙන් කෑගහල එතනින් යන්න හැරුනත් ජිමින් තද කරල ජන්ග්කුක් ව බදාගත්තා.මොනතරම් තරහෙන් හිටියත් ජන්ග්කුක් ට ජිමින් ව ඈත් කරන්න බෑ.ජන්ග්කුක් ඇස් පියාගෙන හිත සන්සුන් කරගන්න ට්රයි කරා.

විනාඩි දෙක තුනක් ඒ විදිහටම හිටපු ජිමින් ජන්ග්කුක් ගෙන් ඈත් වෙලා එයාගෙ චූටි රෝස පාට අත් දෙකෙන්ම මූනෙ කදුලු පිහදගත්තා.ජන්ග්කුක් ඉක්මනට අහක බලාගත්තෙ එයා ජිමින් ව මේ විදිහට දකින්න අකමැති නිසා.

JM : "ඔයා මට යන්න කියලද කියන්නෙ ජ..න්ග්කුක්?"

ජිමින් ඇහුවෙ හරිම නිවුන කටහඩකින්..

ජන්ග්කුක් මොකුත් කියන්නැතුව අහක බලාගෙනම හිටියා..ජිමින් ටික වෙලාවක් ජන්ග්කුක් දිහා බලාගෙන හිටියත් කිසිම සද්දයක් නැති නිසා ලොකු හුස්මක් අරන් ආයෙත් කතා කලා..

JM : "හරි..මං යන්නම් ජන්ග්කුක්.."

ජිමින් තව මොහොතක්වත් ඉන්නැතිව බැල්කනි එකෙන් එලියට ආවා..

ජන්ග්කුක් ගෙ උගුර හිර වුනා වගේ දැනුනෙ..

රූම් එකට ආව ගමන් ජිමින් කෙලින්ම ක්ලෝසෙට් එක ලගට ගිහින් සූට්කේස් එකක් අරන් ඇදට දැම්මා.ඊටපස්සෙ එයාගෙ ඇදුම් ටිකකුත් ඇදට විසි කරල ඉක්මනට ඒ ටික සූට්කේස් එකට දාලා වැහුවා..

ජැකට් එකකුයි,කාර් එකේ කී එකයි අතට ගත්ත ජිමින් ආයෙත් බැල්කනි එක දිහා හැරිල බලද්දි දැක්කා ජන්ග්කුක් ස්ලයිඩින් ඩෝ එක ලගට වෙලා එයා දිහා බලාගෙන ඉන්නවා ..

JK : "මොකක්ද කරන්නෙ?පිස්සු හැදිලද ජිමින් ?"

ජන්ග්කුක් ජිමින් ලගට ඇවිත් අතෙන් ඇදලා එයාගෙ පැත්තට හැරෙව්වා..

JM : "ඔව් මට පිස්සු තමයි ජන්ග්කුක්. ඔයා මට වෙන මොකක්ද කරන්න කියන්නෙ?දැන් ඔයාම නේද මට යන්න කිව්වෙ?ඉතින් යන්න දෙනවා."

ජිමින් කෑ ගහපු විදිහට හිත හදාගෙන හිටපු ජන්ග්කුක් ⁣ට ආයෙත් තරහ ගියා..

JK : "ඔව් ඔයාට යන්න පුලුවන්.හැබැයි ඊට කලින් මට දැනගන්න ඕනෙ ඔයා මාව රැවැට්ටුවේ ඇයි කියල."

His Moon  [Jikook | Completed ]Where stories live. Discover now