40.පැතු සෙනෙහේ 😍

1.1K 176 25
                                    

ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ.....
.
.
.
.
.
අනෙව් ලස්සනට සරසපු  චූටි ගෙයක්  ..... මං ආයෙමත් පුදුම වුණා.....ඒක හිම වලට වැහිලා පුදුම ලස්සනක්.....මං හේෂ් දිහා බැලුවා.....

"හේෂ් මේ තැන.........?"

"අද රෑ අපි ඉන්න ගෙදර.......මේක සීතල කාලෙට rent එකට දෙන place එකක්....ඉතිං මං හිතුවා උඹ ආස වෙයි කියලා මැණික .....ඒ නිසා මේ හැමදෙයක්ම මං අද රෑට ගත්තා....."

"අනේ මගෙ මහත්තයො 🥺......."

"හෝව් හෝව් හෝව්....ටැප් එක නම් අරින්න එපා බන්....."

"අනේහ් මහ නරකයි හොදේ 😒......"

"ඇත්තමයි බන්....උඹ සතුටකට උනත් අඩද්දි මට රිදෙනවා මැණික ....ඉතිං පුලුවන් තරම් නාඩා ඉන්න බලන්න ....මේ ඇස් වලට කදුලු එන්න මං ඉඩක් තියන්නෙ නෑ ආයෙමත් කිසිම දවසක......උඹගෙ මූණෙ තියෙන්න ඕන හිනාව විතරමයි....තේරුණාද මගෙ කියුට් පූස් පැටියට ම්ම්ම්......"

"🥺.....ම්ම්ම්......"

ඇත්තමයි එයාගෙ වචන මාව කොයිවෙලෙත් ගොළු කරනවා....හැමදාමත් කියනවා වගේ එයාගෙ ආදරේ මට මහමෙරක් ...හැමදාම අලුත් වෙන ඒ ආදරේ වැඩි වෙනවා මිසක් අඩුවක් නම් නෑ කියලා මං හොදටම දන්නවා...ඒ තරම් එයා මට ආදරේ කරනවා.....

"දොර අරින්න අවී......."

මං එයාගෙ අත් වල නිසා එයා මට යතුර සාක්කුවෙන් දීලා දොර අරින්න කියද්දි මමත් ආසාවෙන් දොර ඇරියා...ඊටපස්සෙ එයා මාවත් වඩාගෙනම ඇතුළට ගිහින් මාව සෝෆාවකින් තිබ්බා....

අපි දෙන්නම wash දාලා ආව නිසා ආයෙ අමුතුවෙන් wash දාන්න ඕනකමක් වුණේ නෑ.....මම වටේම ඔලුව කරකවලා බැලුවෙ මේ ලස්සන පුංචි ගේ දිහා...

ගිනි උදුනක්....සාමාන්‍ය ප්‍රමාණයේ සෝෆා එකක්....හාන්සි පුටු දෙකක්....ලස්සන පරණ මාදිලියෙ බිත්ති සරසිලි කීපයක්.....ස්වාභාවික ලස්සනක් තිබුණ ඒ ගෙදරට මට ආස හිතුණා....තිබ්බ සීතල අඩුවෙන්න ගත්ත නිසා මං හේෂ් දිහා බලද්දි දැක්කෙ එයා ගිණි උදුණට දර දානවා.....

ඒ වැඩේ ඉවර කරලා මගෙ දිහාට ආව එයාගෙ මූණෙ තිබ්බ හිනාව නම් මට එච්චර ඇල්ලුවෙ නෑ....

"හේෂ්......."

මගෙ ළගටම ඇවිල්ලා ඉදගනිපු එයා මාව උකුළට ගත්තෙ ඒ හිනාව ඒ විදියටම තියාගෙන....

🚫ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ 🚫(bl Non Fiction  Completed  )Where stories live. Discover now