සමහර වෙලාවට හිතිලා නැද්ද මුහුද දවල්ට එච්චර නිශ්ශබ්දව ඉන්නේ දරාගන්න බැරි තරම් දේවල් හංගගෙන කියලා ? එහෙමත් නැත්තන් දවල් කාලේදි අපි සද්ද කරන තරමට මුහුද වේදනාකාරි විලාපය ඇහෙන්නේ නැතුවම ගිහින්ද ? ඒකද රැට මුහුදේ විලාපයේ තියන වේදනාවට ආදරය කරන මිනිස්සු බිහිවෙන්නේ ? තේරවිල්ලක් වගේ පැටලෙනවා නේද ?
සතියක විතර ලොකු නිශ්ශබ්දතාවක් ඔහේ ගෙවුනා.. ඒක නුවර අහසට කියලාවත් ගාලු අහසට කියලාවත් වෙනසක් නැති තරම්.. නුවරට වහිනකොට , රොබරෝසියන් මල්පෙති හෝදගෙන වැටෙන හැම වැහිකදුළක්ම නුවර වැව ආදරෙන් පිළිගත්තා.. ඉතින් ගාල්ලට කියලා වෙනම ද ? නැහැ... සුළි සුලං එද්දි මුහුදු රළ පවා ආපස්සට යවන්න තරම් ලොකු හුස්ම තිබුණා...
අතට වොච් එකත් දානගමන් කාමරේ දොරත් වහලා එළියට බහින කෙයාන් දැකක්ම චූටි ආයේ යක්ෂාවේෂ උනේ නෑ කිව්වොත් බොරු... වෙනදා වගේම චූටිටයි සතීශ්ටයි අතත් වනාගෙන දත් සෙට් එකමත් දාලා හිනා වෙලා බයික් එකේ යතුරත් කරකව කව එළියට යන කෙයාන් මේ සතියට උදේට ඉර පායනවා වගේ ෂුවර් ෂොට් දසුනක් කිව්වොත් වැරදි නෑ..
'' ඒ පාර අර කොහේද යන්නේ ? '' චූටි බාගේට පුපුර පුපුර මිමිණුවා.. සතීශ් යන්තං ඔළුව උස්සලා කෙයාන් දිහා බලලා ආයේ ෆෝන් එකටම අවධානේ යොමු කළේ ඔය හාදායාට කියලා වැඩක් නැති විත්තිය හොදටම දන්න නිසා.. කෙයාන් ඔය ගියා ගියාමයි ගෙදර එන්නේ රෑට... දුක නං අඩපන් කියලා කිව්වත් කෙයාන් කරන්නේ පිස්සෙක් වගේ එයාටම හිනා වෙලා සතීශ්ගේ පිටට තට්ටුවක් දාලා ෂේප් වෙන එක.. නවය දහය වෙනකං කෙයාන් ඔෆිස් එකේ.. ඊට පස්සේ හැමදාම උට ක්ලබ් පාටි... ගෙදර එනකොට දොළහා එක පහුවෙනවා.. යනකොට දෙපයින් යන එකා එන්නේ හතර පයින්... චූටි දවසක් ගෙදර තනියම නිසා මොකක්ද මේකේ තේරුම කියලා සතීශයා අහපු දවසේ කෙයාන්ගේ නල්ල මලේ උත්තරේ තමයි '' මං මේ වගකීම්සහගත වෙනව මචං.. '' ... වුනේ මොකක්ද කියන්නවත් , වෙන්නේ මොකක්ද කියන්නවත් , සහන්ස අය්යා කොහේ අතුරුදහන් වෙලා ද කියන්නවත් මොන මගුලක්වත් දන්නැතුව ගෙදර නිකන් ඒලියන් පිටියක් වෙලා... කෙයාන්ගේ හිනාවේ තියන බොරුව කොච්චරක්ද කියනවා කවුරුහරි මැරුණා කිව්වමත් හිනාවෙන්න පුළුවන් ...
YOU ARE READING
HIKIZ (𝗟𝗢𝗦𝗧 𝗘𝗬𝗘𝗦 𝟮) - On Hold
General FictionLOST EYES - 2 '' අපි බබෙක් හදමුද ?🥺 '' '' මොකක් ? !! ??😳 ' '' බබෙක් අනී.. 😃 චූටි බබෙක්.. අපි බෝල ඇස් තීන ලස්සන බෝල බබෙක් හදමුකො 😘? '' '' ............... 😶 '' '' හරි හරි ඉතින් මං දන්නවා ඔයා තාම ඉගෙන ගන්නවා.. මාත් තාම පොඩියි..☹️ ඒත් අපි බබෙ...