HIKIZ 14

1.4K 276 120
                                    

යන්තං හොටුපෙරළාම පැයක් ඉවර ගත්ත සතීශ් බැලුවේ මිනිහාගේ ලේන්සුවේ තෙත.. පොඩි කාලේ ඉදන් ඌ අඩනකොට දුකට සැපට ඉදියේ මේ ලේන්සුව විතරනේ කොහොමත්... පොඩි හිලක් දෙකක් තිබ්බට , පාට පිච්චලා තිබ්බට මොකද සතීශ්ගේ ප්‍රථම ප්‍රේමය තමා මේ ලේන්සුව.. මෙච්චර කාලේකට කෙල්ලො බර ගානක් එක්ක බ්‍රේක් අප් වෙනකොට දුක අහපු ලේන්සුව දැන් කොන්ෆියුස් වෙලා ඉන්නේ ..

'' අඩොව්ව්. තව පැය තුනක් තියෙනවා.. '' සතීශ් මිමිණුවේ වෙලාවත් බලලා. පාටිය පැය දෙකයි. ලැස්ති වෙන්නම පැය හතරයි.. කෙල්ලොන්ගේ හැටිද මන්දා.. පැය තුන උයලා කැවත් සැපයි... මලවල කැවත් සැපයි. බැදලා පොල් කිරි ටිකක් දාලා කැවත් සැපයි නිකන් කනවට වඩා.. ඉන්ස්ටා පැත්තේ සවාරියක් දාන්න ගිය සතීශ් මේ දමාගෙන ස්ක්‍රෝල් කරන්නේ උගේ වෝල් එකේ පිරිච්ච පෝස්ට් ටික... මිනිහා ඉන්ස්ටාවල ප්‍රබ්‍රල ක්‍රියාකාරි සාමාජිකයෙක්... අර මාක් අය්යා ළගදි කා එකක් ගත්තේත් මුගේ ඉන්ස්ටා යන සල්ලිවලින්ම තමා.. සේරම තායි බීඑල් ඇක්ටර්ස්ලාගේ ස්ටොරි ටික කටත් ඇදගෙන සද්ද දදා බලලා ඉවර කරපු සතීශ් ආයේ අහුවුන පෝස්ට් වලට ටාං ගාලා ලයික් කරගෙන ගියා.. ඔව් ඕ.. මිනිහා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම '' රයිකන්තොපෙනි '' කෙනෙක්...

ඉන්ස්ටා පැත්තේ සවාරිය අහවර කරපු සතීශ් කෙලින්ම ඕපන් කලේ බුකිය.. මිම් එකක් දෙකක් බලලා අහිංසකව ගත කරපු සතීශ්ගේ ඇස් දෙක බෝම්බයක් ගැහුවා වගේ උඩ ගියේ ඕපන් කරපු ගමන් අාපු පොස්ට් එකට.. මිනිහා ආයේ බැලුවේ මේක පෝස්ට් කරපු එකා හරිද කියලා.. හරි... ඔය තියෙන්නේ කෙයාන් මිහිනද අධිකාරි කියලා උඩින්... හරි අපි දන්න කෙයාන් මිහිනද අධිකාරිලා ඉන්නේ එක්කෙනයිනේ බොලව්... එතකොට මේ ෆොටො එකේ ඉන්න හාදයත් ඒ වගේ තමා.. ඒත් මෙහෙම ?  සතීශ් මෙලෝ සිහියක් නැතුව ජීප් එකින් බැස්සේ කෙයාන් මිට පැය බාගේකට කලින් පෝස්ට් කරලා තිබ්බ ෆොටෝස් ටික ෆ්ලැෂ් එකක් වගේ වේගෙන් එහා මෙහා යව යව...

හොටෙල් එකේ ලොකේෂන් කොහේද කියලා ෂුවර් නැතත් කොහේ හරි කන්දක් උඩ තියන ලක්ෂරි හොටෙල් බා එකක ස්විමින් පූල් එක කියලා සතීශ්ට කියන්න පුළුවන්. බොහෝ විට රන්දෝළි එක වෙන්න ඕන කියලා මිනිහා අනුමාන කරලා ඉවරයි.. පිටිපස්සෙන් බෙල්ල ගාවට දිග කෙයාන්ගේ දිග කොන්ඩේ දිගේ වතුර බේරේන විදියට අරන් තිබ්බ ෂර්ට්ලස් ෆොටො එක සතීශ් පාස් කලා.. ස්විමින් ෂෝට් එක ඇදලා කොන්ඩේ ගසන අනිත් ෆොටො එකත් සතීශ් ස්කැන් කලා... එක කකුලක් නවාගෙන ඇස දෙක පියවිලා තිබ්බ ෆොටො එකත් සතීශ් පාස් කලා... මෙව්වා දකින හෝමොෆෝබික් කොල්ලොත් හොමොසෙක්ෂුවල් වෙන්න බැරි නෑ යකූව්... කෙල්ලො ගැන කවර කතාද ඉතින්...  කෙයාන්ගේ ඩාක් ටැන් කලර් ස්කින් එකත් එක්ක සරාගි අමුතුම පෙනුමක් තිබ්බ පූල් ෆොටෝස් සේරම සතීශ් පාස් කලේ ලෝක පුදුමයක් බලනවා වගේ කටත් ඇරගෙන.. ගෙදරටවත් ෂර්ට් එකක් නැතුව ඉන්නේ නැති එකා නේද මේ ?

HIKIZ (𝗟𝗢𝗦𝗧 𝗘𝗬𝗘𝗦 𝟮) - On HoldWhere stories live. Discover now