10

897 137 52
                                    

උදේ පාන්දර මොකෙක්ද කුණු කරවලයක් වගෙ හොල්ලනවා... චටාස් මගෙ කම්මුල ඉදිමෙන්නම වැදුනා. කේන්තියෙන් පුපුරපු වනිශ් කෑ ගැහුවා.

"තෝ හිතුවද බල්ලෝ තෝ වගෙ කොලුකාරයෙක් කියලා මමත්." වැදුන කම්මුලේ රස්නෙට වඩා මට ආවේ දුකක් කලකිරීමක්. ඊයේ රෑ නෑ මේ අද පාන්දර එයා කිව්වා මට ආදරේද නැද්ද නොදන්නවා වුනත් මාව ඕනේ කියලා..

එත් ඇයි මගෙ අත උස්සන්න බැරි අතට නෙවේනෙ කම්මුලටනෙ ගැහුවේ... හිරිවැටිලා වගෙ... "ආයිශ්..." මම නැගිට්ට හරි වේලාව එක කියලා මගෙ අත උඩ නිදන් ඉන්න වනිශ් මට ඔප්පු කරලා දුන්නා.

"අපොයි.. මගෙ අත හිරිවැටිලා... එතකොට මගෙ කම්මුලට ගහලා නැද්ද?" නැගිට්ට ගමන් මගුල් දකිනවා කියන්නෙ ඕවට තමයි. මම ටිකක් වෙලා පූස් පැටියෙක් වගෙ හිටපු වනිශ් දිහා බලාගෙන හිටියා. ඇත්තටම නිදාගත්තාම ගෑණු විතරක් නෙවේ මේ වගෙ කට හැකර පිරිමිත් හුරුබුහුටියි. මූගෙ ලස්සන බලන් හිටියා වගෙ නෙවේ දැනටම 6යි. 8 වෙද්දී ඔඩිට් එකට ලෑස්ති වෙන්න ඕනේ.

"වනීශ් වනිශ්... නැගිටින්න..." මම හෙමින් උරහිස්ස එහාට මෙහාට කරා.

"සුදු මට සුට්ටක් නිදාගන්න දෙන්න..." මූ මටද මේ කියන්නෙ වෙන එකෙක්ටද?

"වනිශ් නැගිටින්න..."
"අයියෝ..." ආයෙ මාවත් බදාගෙන මූ නිදි... යකෝ නැගිටලා ඉස්සල්ලා වගෙ දෙයිය දන්නෙ නෑ කම්මුල් පාරක් එහෙම මැවිලාම පෙනෙද්දී මම කම්මුල අල්ල ගත්තේ ආව බයටයි.

උදේම විරාජ් කෝල් කරනවා. ගන්නෙ නැතුව හිටියොත් මගෙ අවසාන ජවනිකාව මෙතන කියලා දන්න නිසාම මම අන්සවර් කරා.

"හලෝ සුදු... ගූට් මෝර්නින්"
"ගුට් මෝර්නින් විරාජ්..." මම වනීශ්ගෙන් බේරෙන්න හදලා ඇදෙන් නැගිටින්න හැදුවත් ඒවා බොරු හීන අම්මෙහ් ඉතින් අඩු වල රැස්..

"බොල මී හරක් පැටියෝ හොදින් නේද?" විරාජ් එහෙම අහද්දී මම හොදින්ද කියනවට වඩා මැරෙනවා සැපයි.
"ඔව් ඔව් මම හොදින්. මම යකාටවත් බය නෑ..."
"අනේ උඹයි මායි නොදන්න උඹේ බය. අර බුරුවා මොනවා කියලා ලගට ආවත් ගන්නෙ එහෙම නෑ. ලගට එද්දී ෆෝන් ගැන බලපන්."
"අයියෝ ඔයා ඕක දැන් මට කී පාරක් කිව්වද?"
"තෝට කී පාරක් කිව්වත් වැඩක් නෑ. උඹ බුද්ධිමතා ඉලක්කන් අස්සෙ... ඒත් මිනිස්සු අස්සෙ උඹ හෙන ගොනා. අරකා ඇවිත් ආදරේයි පැටියෝ මම මාව රිදෙනවා කිව්වත් ඇදට නග්ග ගන්න මී හරකෙක් තෝ.."

💙ඔබ අභියස🖤 (Complete)Where stories live. Discover now