කඳුළැලි - 36

1.1K 252 96
                                    

මම ජීවිතයේ පළමු වතාවට සමාජ ශාලාවක් තුළට පය තැබුවෙමි. යෙහෙනි තවමත් රෝහල්ගතව සිටි අතර මට කිරීමට කිසිවක් සිතා ගැනීමට නොහැකි වූ නිසා අහම්බයකින් දුටු සමාජ ශාලාවකට පිය නැගීමට මම තීරණය කළෙමි. දොරටුව අසල සිටි මුරකරුවා මා දෙස බලා සිටියේ මම බාලවයස්කරුවෙකු ලෙස දිස් වූ ලෙසයි. 

මම ඔහුට මගේ ජාතික හැඳුනුම්පත දිගු කළෙමි. මද වේලාවක් ඒ දෙස බලා සිටි ඔහු මට ඇතුළට යාමට ඉඩ හරිමින් දොර විවර කළේය. මම සුසුමක් හෙළා ශබ්දයෙන් පිරී තිබූ නව ලෝකයට පා තැබුවෙමි. විශාල ශාලාව දම් පැහැ ආලෝකයෙන් පිරී තිබූ අතර මිනිසුන් සෑම තැනකම නටමින් සිටියේ ඔවුන්ට ‌පිටතින් වෙනත් ලෝකයක් නොතිබූ ආකාරයෙනි. මට එහි නුහුරු බවක් දැනුණද මට පිටතට යෑමට වුවමනා වූයේ නැත.

බීම හල අසලට ගිය මම එතැන තිබූ ‌කුෂන් බංකුවකින් හිඳගෙන කවුන්ටරය මතින් දෑත් තබා ගත්තෙමි. මගේ එහා පසින් වාඩි වී සිටි තරුණිය යටැසින් මා දෙස බලන ආකාරය මට දැනුණද මම එය නොදුටුවාක් මෙන් ඉදිරිය බලාගත් වනම සිටියෙමි. ඇය ඇගේ අසුනින් නැගිට මගේ පසුපසට පැමිණ මගේ දෙවුර වටා දෑත් යැවුවාය. මම කිසිවක් නොකර එය නොදැනුණාක් මෙන් සිටීමට තැත් කළෙමි. ඇගේ නිකට මගේ උරහිස මතින් රැඳුණු විට මම ඉවත බලාගත්තේ ඇයගේ මුවින් දැනුණු මත්පැන් ගඳ මග හරවා ගැනීමටයි.

'මොකක්ද ඔයාගේ නම බේබි' ඇය විමසූ විට මම මගේ උරය ගසා දමමින් ඇගේ නිකට ‌මගේ සිරුරින් ඉවත් කිරීමට තැත් කළෙමි. 

ඇගේ දෑඟිලි මගේ කමිසය යටින් යෑමට තැත් කළ විට මම ඇගේ අතට පහරක් එල්ල කළෙමි. 'මම සමලිංගිකයි!' මම ඇයට තර්ජනාත්මක හඬකින් කීවෙමි. 

මදකට පසුව මට වැටහුණේ මම එය තරමක ශබ්දයකින් කියා ඇති නිසා සියල්ලන්ගේ අවධානය මා වෙතට යොමුව ඇති බවයි. තරුණිය මගේ සිරුරින් ඉවත් වූවාය. මම නැවතත් අසුන මත හිඳගෙන දෑත් මතින් හිස රඳවා ගත්තෙමි. 

'එක්ස්කියුස් මී.' ඒ තරුණයෙකුගේ හඬයි. 

මම හිස හරවා බැලුවෙමි. මොහොතකට මම බියට පත් වුණේ ඒ තරුණයා සහේෂ් මෙන් දිස් වූ බැවිනි. කමුත් මදකට පසුව මම ඔහු සහේෂ් නොවන බව හඳුනා ගත්තෙමි. 

කඳුළැලි | tears | Sinhala BL [COMPLETED]Where stories live. Discover now