~= අම්බර 19=~

264 64 59
                                    

යුධාන්ථපුර එක්ටැම්ගෙහි ඉහළටම නැගුණු ආයුධාන සිය සිත තුළ තෙරපෙන වේදනාව මුදා හැරියේ රළු ඉකිබිදුමකිනි. සත්වසරකට දැඩි කරගත් සිත මෙතරම් වේගයෙන් මෘදු වීම කෙරේ හේ තමා කෙරේම කෝපයෙන් විය . චන්ද්‍රයාගේ සේයාවකුදු දක්නට නොවු සමස්ත ගුවන් ගැබේ අවරගිරින් තාරුකා සමුදෙනු ආයුධානට පෙනේ . ශෝක ගීයක ගිලෙන්නාක් මෙන් තාරුකා එකින් එක අතුරුදන්ව යන්නේ පෙරදිගින් මතුවෙන විවිධ වර්ණත් තලයන් අදුරු අහස් ගැබේ සිතුවම්කරමිනි. ඒ දිනකර එළැඹීම නිශා අහසට කෙතරම් වේදනාවක් දැයි ආයුධාන කිසි දිනෙක පෙර වටහාගෙන නොතිබිණ. ඉදින් සෑම හිරු නැගීමක්ම සගවා දමන්නේ වේදනාකාරි පුවතක් නොවන්නේ මන්ද ?

'' ඔහු මගේ සස නෙවේ ශකූ.. ම්ම්. නුඹ පවසනු නුඹේ පියාණන්ට හැකිද මා හට මෙතරම් රිදවීමට ? නැහැ.. ඔහු සිහිනෙන් හො රිදවන්නේ නැහැ මා හට... ඒ සස නොවේ.. සස නොවේ ශකූ... '' අායුධාන නොනවත්වා මිමිණුවේ ය. තමා සතුවූ සසධාර්ගේ පසුම්බියෙහි වූ මැටි කැබලි ද විණා තතද සියල්ලම අතීතයේ කොටසක් ලෙස පමණක් දැකිම ?? දිවි ඇති තුරු අතීතයත් වර්තමානයත් අනාගතයත් ත්‍රිත්වයම ආයුධානට නම් නොමැරෙන සුළු මතකයන් විය.

ඉදින් සත්වසරකට ප්‍රථම , සිය සගයා වූ යුෂාගු මරණයේ නිම්නයේ අතුරුදහන් කරවිමට සසධාර් සැලැස්වූවාට පසුවද ආයුධානගේ උත්සහයෙහි අඩුවක් නොවී ය. හේ දිගින් දිගටම සසධාර්ට ආලය කරන වග පවසමින් අසපුවේ සැරිසැරුවේ ය. සසධාර්ට දැන් මෙකී කොලු ගැටයා කෙතරම් හිසරදයක්ව ඇතිදැයි පැවසීම නුවුමනාය . සියලු සිසුන් අතර සිය අධිපත්‍යාත්මක පෞර්ෂ්‍යය , මේ ආයුධානගේ මුග්ධ ක්‍රියාවන් හේතුවෙන් හුදෙක් විහිළුවක්ව යාම සසධාර් දැඩිව නොරිස්සුවේ ය. අසපුව තුළ අධ්‍යාපනය ලබන සැටියක් නම් ආයුධානගෙන් දිස් නොවී ය. හේ සිය හිමිදිරි වරුවම සසධාර්ගේ සිත දිනාගන්නා අටියෙන් ආහාර ශාලාවෙහි ගත කළේ ය. දිවා කාලයේ සිය සියලු පාඩම් පැහැර හරිමින් සසධාර් පසුපසම වැටීගත් වනමය.  රාත්‍රි කාලයේ සසධාර්ගේ විශේෂ නේවාසික කුටියත් , තඨාගයත් , විශ්වගර්ව උද්‍යානයත් ආයුධානගේ සැගවුම් ස්ථානයන් විය.

අන් පසින් යුෂාගුගේ මරණය ආයුධානය කම්පනයට පත් කර නැතැයි පැවසීම විසල් මුසාවක් විය. අන් දිනවල මෙන් තමා පවසන සියලු දේ අසා සිටිමට අයෙක් නොමැති වීම ආයුධානගේ සිත නොසන්සුන් කළ සේම මුවද ගොළු කර තිබුණේ ය. ආයුධානගේ නොමේරු සිත සිය පතොක් පැළය රැක බලාගත්තේ සියවනම ආදරණීයයෙකු රකින්නාක් සේ ප්‍රවේසමනි. නමුත් , සියල්ල කෙසේ වුවද දා හත් හැවිරිදි කොලු ගැටයාගේ එකම අභිප්‍රාය නම් සෙන්පති සසධාර්ගේ සිත දිනාගැනිම පමණක් විය.

𓀃 අම්බර 𓀃  ( On hold )Where stories live. Discover now