44.ප්‍රතිකාර ❤️‍🩹

1K 154 37
                                    

ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ.....
.
.
.
.
කළත් ගැරහුම් ලොවක් අපමණ.....
නුඹම පමණකි ළඟින් සිටියේ....
තවත් කුමටද සිත් රිදුම් දැන්....
නුඹයි මාගේ හිරුම වූයේ.....
නුහුරු තාලෙට ගැහුණ පපුවේ....
ගැස්ම වීලා නුඹයි සිටියේ....
දරාගැනුමට නොහැකි සෙනෙහේ.....
හද පුරාවට නුඹෙනි දැණුනේ.....

කෙටි කලක් තුළ පිදු සෙනේහේ....
කිසිදු අඩුවක් නොමැත වූයේ....
මගේ හද තුළ පරම ප්‍රේමේ....
සදහටම මට නුඹයි ඕනේ....

(අවීගෙන් හේෂ්ට.....💕)
.
.
.
.
නොවැටහුණි පෙම් කෙරුම රිසිසේ....
නුඹෙනි ප්‍රේමය හදුන ගත්තේ....
දඩබ්බර මගෙ පිරිමි පපුවේ...
අයිතියයි නුඹ උදුර ගත්තේ....

මටද මා අද අහිමි මොහොතක....
මගේ හුස්මම නුඹම වූයේ.....
නුඹෙ පෙමින් මා උමතු දින සිට.....
රකින්නයි මට අවැසි වූයේ......

නුඹෙ සුරත ගෙන සසර ගමනම....
එකට යන්නයි මා පතන්නේ.....
ඉතින් එහෙනම් සෑම භවයක....
සැමට පෙර මා නුඹ පතන්නේ.....

(හේෂ්ගෙන් අවීට 💕)
.
.
.
.
.
.
.
.
.
♡♡♡
.
.
.
.
.
හේෂ්ගෙ කෑගැහිල්ලට එතනට ආව වෛද්‍යවරයා එතකොට තමයි දැක්කෙ හේෂ්ට සිහිය ඇවිල්ලා කියලා...ඒ එක්කම හේෂ්ව බලන්න තව ඩොක්ටර් කෙනෙක් එද්දි හේෂ්ට ඕන වුණේ අවීව පෙන්නන්න....ඒත් අවී රවපු නිසා හේෂ් එයාව check කරනකම් ඉවසන් හිටියා....ඊටපස්සෙ ඉක්මනට කිව්වෙ අවීව බලන්න කියලා..... අවීව බලපු ඩොක්ටර් විස්තරේ කිව්ව ගමන් කිව්වෙ අවීව පරීක්ෂා කරන්න එක්කන් යන්න ඕන කියලා....

"පුතා ඔයාගෙ Husbandගෙ අතේ X-Ray copy එකක් ගන්න ඕන....ඊටපස්සෙ තමයි අපිට treatments වලට යන්න වෙන්නෙ......"

"හරි ඩොක්ටර් මගේ අවීව බලන්න...."

හේෂ් පරිස්සමින් අවීගෙ අතට හාදුවක් දීලා මූණ අතගාන ගමන් අවීට ඩොක්ටර් එක්ක යන්න කියද්දි අවීගෙ මූණෙ තිබ්බෙ හේෂ්ව දාලා යන්න බෑ වගේ බැල්මක්....ඉතිං ඒක තේරුම් ගන්න අවීට අමාරු වුණේ නෑ....

"අවී බයවෙන්න එපා මං හොදින්....Treatments වලට X-Ray එක ඕනනෙ බන්....ගිහින් වරෙන් මැණික ......"

🚫ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ 🚫(bl Non Fiction  Completed  )Where stories live. Discover now