45.සිදුවීම ❤️‍🩹

948 152 35
                                    

ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ.....
.
.
.
.
.
දවස් තුනක් hospital හිටපු හේෂ් අවී දෙන්නා ගෙදර ආවෙ තව දවස් දෙකකින් ඉවර වෙන එයාලගෙ ඇමරිකා ගමන ගැනත් කතා කරන ගමන්...දැන් දෙන්නටම හොදටම සනීපයි....hospital ඉන්න දවස් වල පුංචි පුංචි ආදරණීය රණ්ඩු වගේම අවීගෙ හුරතලේ හේෂ්ගෙ නපුරුකම අඩුවක් නැතුව ගලන් ගියා....ඩෙස්මියන් හැම වෙලාවකම ගෙදර දොරේ වැඩත් බලන ගමන් දෙන්නටම හැමදේම නොඅඩුව කරලා දුන්නා...හේෂ්ගෙ හිතේ ඩෙස්මියන් ගැන තිබ්බ ගෞරවය තවත් වැඩි වෙද්දි අවීත් ඩෙස්මියන්ට ගොඩාක් ගරු කළා....ඒ වගේම හැමදේටම ස්තූතිවන්ත වුණා....
.
.
.
.
.
"අවී...."

"මහත්තයා....."

"දැන් නාන්න එපා .....හෙට නාමු.....දැන් ඇග විතරක් සෝදමු....."

"හ්ම්ම්...."

ගෙදර ඇවිල්ලා ඩෙස්මියන් උයද්දි හේෂ් අවී දෙන්නා ඇඟපත සෝදන් ඇදට ආවා....

"අවී.....උඹට අහන්න මුකුත් නැද්ද.....?"

"කියන්න කැමතිද මහත්තයො දැන්....?"

"ම්ම්ම්.....ඕන දෙයක් අහපන් මැණික ....සමාවෙයන් කලින් නොකිව්ව්ට......😔...."

"එහෙනම් එදා මොකද්ද වුණේ කියන්න මහත්තයා .....🥺"

අවී හේෂ්ගෙ ළගට තුරුල් වෙන ගමන් ඇහුවා...ලොකු කතාවකට මුල පුරන්න හේෂ් අවීට හාදුවකුත් දීලා ඇද විට්ටමට හේත්තු වුණා...

"අවී උඹ ගැන බය හිතුණා මැණික මට....මේ හැමදෙයක්ම ඒ නිසයි...ඒ නිසාමයි මං උඹට කිසි දෙයක් නොකිව්වෙ..."

" මගෙ මහත්තයා  🥺....."

"උඹ දන්නවනෙ මැණික මගේ company රටවල් කීපෙකම තියනවා...ඉතිං main brach එක මං open කළේ මෙහේ....මං උඹට කලින් කියලත් ඇති..."

"මට මතකයි හේෂ්...."

"ඉතිං මං ලංකාවට ගිය කාලෙ මෙහේ ඔක්කොම දේවල් handle කළේ මගේ හොදම යාලුවා සූරජ් ....ඉතිං මට ඌව විශ්වාස නිසාම හැමදෙයක්ම මං හොයලා බැලුවෙ නෑ...ඌ එවන දේවල් බැලුවා විතරයි.....ඒත් මෙහේ එන්න දවස් 2කට කලින් මට company එකේ පරණ සේවකයෙක්ගෙන් call එකක් ආවා company එකේ ගොඩාක් දේවල් අවුල් වෙලා කියලා...මට ඒ ගැන direct සූරජ්ගෙන් අහන්න පුලුවන්කමක් තිබ්බෙ නැති නිසා මං කෙනෙක්ගෙ මාර්ගයෙන් company එක ගැන හොයලා බැලුවා...

🚫ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ 🚫(bl Non Fiction  Completed  )Where stories live. Discover now