33.Memories

284 74 20
                                    

[ AN : අප්ඩේට් කරන්න පරක්කු වුනාට සොරි ලමයි.😭💜️ආදරෙයි හැමෝටම.]

...බේකින් කියන්නෙ ජිමින් ආස වුනත් එයා මීට කලින් ට්රයි කරල නැති දෙයක්.ඒත් ජන්ග්කුක් කියනව වගේ ඒකත් හිත නිදහස් කරගන්න හොද විදිහක් කියල ජිමින් ට හිතුනෙ ලස්සනට බැටර් එක හදල ඉවර කරද්දි..

පිටි ගෑවිලා තැනින් තැන සුදු පාට වුන ජිමින් ගෙ රෝස පාට පිරුන කම්මුල් තවත් පිම්බුනේ එයා ගැනම දැනුන ආඩම්බරයක් නිසා මූන පුරා හිනාවක් ඇදෙද්දි.කේක් ට්රේ එක පීුහීට් වෙන්න දාල තිබුන අවන් එකට දාලා ජිමින් ඊලගට ලෑස්ති වුනේ ෆෙුාස්ටින් එක හදන්න..

ඒත් ඊට කලින් ජිමින් අත් දෙකම ඇදගෙන හිටපු ඒප්රන් එකෙන්ම පිහාගෙන ⁣ටේබල් එක උඩ තිබ්බ ෆෝන් එක අතට ගත්තා..

ජිමින් මේ දවස් ටිකේම කාලයක් අතෑරිලා තිබුන ඩාන්සින් ආයෙත් පටන් ගත්තා.ඒ තමයි එයා කරන්න ආසම දේ..

ජන්ග්කුක් පුලුවන් හැම විදිහකටම ජිමින් ව සතුටෙන් තියන්න ට්රයි කලේ ඉක්මනටම එයාගෙ මානසික තත්වය හොද අතට ගන්න ඕන නිසා.ඒ වගේම ජිමින් ව Phsychatrist කෙනෙක් ලගටත් අරන් ගියා.ඩොක්ටර් කියපු විදිහට ජිමින් ට තිබුනෙ කලින් වුන දේවල් නිසා ලොකු කම්පනයක්.හැමදේම කාලයත් එක්ක ලස්සනම විදිහට විසදෙයි කියන දේ ජන්ග්කුක් ට හැමවෙලේම දැනුනා..

අද කිුස්ට්මස් දවස..

ජිමින් හිටියෙ සතුටෙන්..ඒකට හේතු කීපයක්ම තිබුනා.එකක් අද ටේගි දෙන්නා සෝල් වලට එනවා.හවස හැමෝම එකතු වෙන්න ප්ලෑන් කරගෙන ඉන්නෙ..

ටේ වගේම කුකීත් ආස නිසයි ජිමින් කප්කේක් හදන්න හිතුවෙ.හැබැයි ඊටත් වඩා ලොකු හේතුවක් තිබුනා.ම්...

ජිමින් ඉවසිල්ලක් නැතුව හිටියෙ ජන්ග්කුක් ගෙදර එනකම්..

ඔන්ලයින් ගිය ගමන් ජිමින් දැක්කෙ කුකීගෙන් ඇවිත් තියෙන මැසේජස්,මිස්ඩ් කෝල්ස් ගොඩ..

-----------

_Koo :
(02.32 p.m)
බේබි,මොකද කරන්නෙ?

බෙහෙත් බිව්වද?

කෑවද?

බේබි??ජිමින්??

😒😒

His Moon  [Jikook | Completed ]Where stories live. Discover now