34.Trust is Fragile

244 70 9
                                    

මාස හයකට පසු..

රෙස්ටූරන්ට් එක ලග නතර කරපු ලැම්බො එකෙන් එලියට අඩිය තියනවත් එක්කම මූනට වතුර බිංදු දෙක තුනක්ම වැටෙද්දි ජන්ග්කුක් ඉක්මනට ඔලුවට අතත් තියාගෙන එන්ට්රන්ස් එක ලගට දුවගෙන ගියා...

JK : "ශිට්..මේ වෙලාවම මගුල් වැස්සක් පටන් ගත්තා.."

ජන්ග්කුක් එයාටම කියාගන්න ගමන් ඇදගෙන ඉන්න ඩාක් බ්ලූ සූට් එකට වැටුන වතුර අතෙන් ගසලා ඇදුම හදාගෙන ඇතුලට ආවා..ටයිට් සූට් එකට යටින් ඇදලා හිටිය වයිට් ශර්ට් එකේ උඩ බොත්තම් දෙක ගලවලා දාල තිබුන නිසත්, නලලට වැටිල තියෙන කොන්ඩ කැරලි නිසත් අද මාර හොට් ලුක් එකක් ජන්ග්කුක් ට තිබ්බෙ..

ඈත ඉදන්ම ජන්ග්කුක් දැක්කා ටේයි යුන්ගියි කෙලවරේ තියෙන ග්ලාස් වින්ඩෝ එක ලගම තිබුන ටේබල් එකක වාඩි වෙලා ඉන්නවා.ජන්ග්කුක් වේගෙන් එයාල ලගට ගියෙ දැනටමත් පරක්කුයි කියල දන්න නිසා..

ජන්ග්කුක් ලගට එනව දකිද්දිම ටේ අතේ තිබුන ස්කයි ජූස් එක ටේබල් එකෙන් තියල පුටුවට හේත්තු වුනා..

ජන්ග්කුක් හා දත් දෙක පෙන්නලා හිනාවෙලා ඉක්මනට වාඩිවුනා..

V : "යාහ් කුකා..මොකද මෙච්චර වෙලා ගියෙ?"

JK : "කම්පනි එකේ ඉදන් එන්නත් එපැයි ටේ.අනික හවසට ට්රැෆික්.දන්නවනෙ සෝල් වල තත්වෙ..මං ඉතින් ඔක්කොම වාහන හප්පගෙන එන්නද.."

ඇත්තටම ජන්ග්කුක් හිටියෙන් මහන්සියෙන්.ටේගෙ ජූස් එක අතට ගත්ත ජන්ග්කුක් බීගෙන බීගෙන ගියා..

ටේ වටපිට බැලුවා..

V : "කෝ ජිමින් ?"

JK : "ම්..ජිමින් අද ජීයූ ව බලන්න ගියා කිව්වා.අද මං හිතන්නෙ පොඩි එකාගෙ බර්ත්ඩේ එක.."

ටේ යි යුන්ගි යි දෙන්නම පුදුමෙන් වගේ ඇස් කැරකුවා..

SUGA : "වට් ? ඒ කියන්නෙ එයාගෙ සෝල්මේට් ව හම්බෙනවටත් වඩා දැන් ජිමින් ට වැදගත් දේවල් තියෙනව.."

යුන්ගි කිව්වෙ ටේ දිහා බලලා ඇහිබැමක් උස්සලා කට කොනින් හිනා වෙන ගමන්..

ටේගෙ මූන මැලවුනා..මොකද ජිමින් අද එයාලව මීට් වෙන්න එනව කියල ටේට පොරොන්දු වෙලා තිබුනෙ.හැමෝම එයාලගෙ වැඩත් එක්ක ගොඩක් බිසී වුන නිසා පහුගිය කාලෙ එයාල වැඩිය හම්බුනෙත් නෑ.ටේට පුදුමයි..ජිමින් මෙහෙම දෙයක් කරපු පලවෙනි වතාව..

His Moon  [Jikook | Completed ]Where stories live. Discover now