36. 1st Anniversary

245 78 21
                                    

යොන්සෙයි යුනිවර්සිටි එක ලග කාර් එක නතර කරපු ජිමින් බොනට් එකට හේත්තු වෙලා දැන් පැය භාගයක් තිස්සෙ බලාගෙන හිටියෙ හනා එලියට  එනකම්.

තවත් මිනිත්තු කීපයකින් ලැබ් කෝට් එකත් දාගෙනම හනා යුනිවර්සිටි එකෙන් එලියට ආවෙ ජීයූවත් වඩාගෙන.

අද ජීයූලගෙ කින්ඩර්ගාට්න් එ⁣කෙන් බබාලාව ට්‍ර්ප් එකක් එක්කගෙන යනවා.ඒක නිසයි යන්න කලින් ජිමින් ජීයූ ව බලන්න ආවෙ.

මේ වෙද්දි ජිමින් ට ජීයූව එක දවසක්වත් දකින්නැතුව ඉන්න බැරි තැනට ඇවිත් තිබුනෙ.ඒ ව⁣ගේම මේ කාලෙ ඇතුලත හනාත් ජිමින් ගෙ හොදම යාලුවෙක් වුනා.හනාගෙ ආකර්ශනීය ගතිගුන නිසාම ජිමින් හනාව ආශ්‍රය කලේ බොහොම ලගින්.

හනාගෙ අතෙන් පැනපු ජීයූ එයා දිහාට දුවගෙන එන විදිහ දකිද්දි ජිමින්ගෙ මූනෙ හැමදාමත් වගේ ලස්සන හිනාවක් ඇදුනා.ජීයූ කියන්නෙ ජිමින් ට හැපි පිල් එකක් වගේ.ජිමින් ගෙ මානසික තත්වය මේ වෙද්දි සම්පූර්නයෙන්ම සුව අතට හැරිලා තිබුනෙ.

එයාගෙ කකුල් දෙක ලගට ආව ජීයූව උස්සලා වඩාගත්ත ජිමින් කම්මුල⁣ට පොඩි කිස් එකකුත් දීලා චූටි කොල්ලාගෙ ලා දුඹුරු පාට කොන්ඩෙ අතෙන් ඇවිස්සුවා.

👼 : " ජිමිනි අන්කල්, ටීච කිව්ව ජීයූවයි,යාලුවොයි මූද බලන්න අරන් යනව කීලා.."

JM : "ඔහ්..චින්චා? හැබැයි මගෙ ජීයූ බබා කොහෙ ගියත් ටීච ලගින්ම ඉන්න ඕනෙ හොදද.තනියම කොහෙවත් යන්න බෑ තේරුනාද?"

ජීයූ හිනාවෙලා සිනිදු කොන්ඩෙ ගස්සලා ඔලුව හෙල්ලුවා.

HANA : "මියානේ ජිමින්.මට අද ගොඩක් බිසී දවසක්.ඒකයි මං හවස ජීයූ වත් ලැබ් එක⁣ට අරගෙනම ආවෙ.නැත්තම් ගෙදර ගිහින් එන්න වෙලාවක් නැති නිසා.ඔයා ගොඩක් වෙලා හිටියද.."

JM : "ආනියා..මාත් කම්පනි එකේ අද දවසම හිටියෙ.ඒක නෙවෙයි හනා ඇයි කින්ඩර්ගාට්න් එකෙන් මේ පොඩි ලමයිව දවස් දෙකක ට්‍ර්ප් එකක් අරන් යන්නෙ.මං නම් කැමති නෑ මේ වැඩේට."

HANA : "මාත් මුලින් කැමති වුනේ නෑ ජිමින්.ඒත් ටීචර්ස්ලා ව විශ්වාස කරන්න පුලුවන් අපිට.තව පේරන්ට්ස්ලත් කීප දෙනෙක්ම යනවා."

His Moon  [Jikook | Completed ]Where stories live. Discover now