14

756 137 43
                                    

අපි හොටෙල් එකට එනකොට හවස 6ත් වෙලා. අද අපි අනිවා කොළඹ යන්න ඕනේ.. අද නොගියොත් හෙට එනිවේ කාරයා මගෙ ඔලුව කනවා. මම දන්නෙ නැද්ද?

"සුදු අපි අදත් මෙහෙ ඉමුකො..."
"තෝ මගුලක් කියවනවා එනිවේ මගෙනෙ ඔලුව කන්නෙ..."
"කවුද එනිවේ..."
"සාලිය සාලිය. අර වයසක තනිකඩයා..."
"ඌත් තමුසෙට ලයින් දානවද?"
"මගෙන් හෝඩිය ඉගෙන ගන්න ඕනෙද බොට... ඔන්න ඔහෙ පලයන් හොටෙල් එකට ෆෝන් එකක්වත් නෑ..."
"මම ඉද්දී ෆෝන් එකක් මොකටද?"
"ආ බොල බූරු හිකනලෝ තෝ හිතුවද මට ෆෝන් එකක් ඕනේ ලව් කරන්න කියලා. නෑ මගෙ කැම්පස් මැසෙජ් කම්පැණි මැසෙජ් ඔක්කොම එන්නෙ එකට.."
"හරි හරි යමු ගන්න දැන්..."
"මට කාගෙන්වත් යැපෙන්න ඕනේ නෑ. ගහක වෙලෙන වැලක් වගෙ. ඉස්සර අනුකම්පා කරන්න හේතු තිබ්බට දැන් මම තමුන්ට වඩා හොද තැනක ඉන්නවා..."
"මට වඩා... ජෝක් කරන්න එපා සස්... ඔය ලොකු කම අඩු කරගන්න ඇති මගුලකුත් නෑ..."
"හේයි... මට නැත්තේ පවුලක් විතරයි දැන්. මගෙ නංගිව මට තනියම හරි හදාගන්න මට පුලුවන්.."
"කටපියන් ඉන්නවා පුලුවන් මගුලක්. අර ගදගහන බෝඩිම අස්සෙ ඉන්නෙ මොන මගුලක්ද කරන්නෙ..."
"ඔයාට වැඩක් නෑ. දැන් යමුද?"

මට අවුල් ගියා ෆට්ටම ඇත්තමයි. මේයා මට ආදරේයි ලු ඒත් බලන්න මාව පහත් කරන විදිය. මම කිව්වේ ඒ කාලෙ ඉදන් ලොකු කම උතුරන්න තිබ්බා. මම කොච්චර දුප්පත් වුනත් මම කවමදාවත් අපිලිවෙලට හිටියෙ නෑ.

"සුදු මොකද දැන් ඔය ආ.." වනිශ් කිහිප පාරක්ම කතා කරනවා. මම ඇහුනෙ නෑ වගෙ හිටියා. ආයෙ ආයෙ හිත රිද්දන එක මෙයාගෙ පුරිද්දනෙ..

"මේ අහන්න ඇයි මම කියන හැමදේම වැරදියට හිතන්නෙ.."
"මොකද ඔයා කියන්නෙ වැරදි දේවල් නිසා.." මට කේන්ති ගිහින් ඉන්නෙ.
"හරි මම වැරදි. තමුසෙට ඕනේ එකනෙ.."
"බලෙන් කාටවත් වැරැද්දක් පෙන්නලා මට වැඩක් නෑ නේද මිස්ට..."
"සස්.. යකා අවුස්සන්න එපා. තමුසෙගෙ ඔය හුරතල් මූණ අස්සෙ ඉන්නෙ යකෙක්ද ඕයි.."
"අපෝ නෑ... අපි ආවා... මම යනවා ඇදුම් පැක් කරගන්න... බායි..."

හොටෙල් එකට කා එක දාපු ගමන් මම බැහැලා යන්න ගියා. කෙලින්ම රූම් එකට ඇවිත් මම ඇදෙන් ඉදගෙන නිදාගත්තෙ ඔලුවත් අල්ලන්.

💙ඔබ අභියස🖤 (Complete)Where stories live. Discover now