බිද වැටීම

355 52 169
                                    

Author's Pov

"කට වහගන්නවා.තමුන් තිරිසනෙක් .මොනවා කියන්නද තමුන් තමුන්....කිසිම හිතක් පපුවක් නැතුව මගේ අයියව මරලා දැම්මා........
මගේ මගේ ඇස් ඉස්සරහම..........
තමුන්ට තමුන්ට තමුන්ගේ ඒ සල්ලි සල්ලිවලට මගේ...මගේ.........." රූහි වියරුවෙන් කෑ ගැහුවා.

"ඉතින්..............කියන්න කියන්න පුලුවන් නම් කියන්න, මම දන්න විදිහට මම කලේ උදව්වක්.
හ්ම්.................
තමුන් පුලුවන් නම් කියනවා
ඕ..........මේ වෙලාවේ කියවෙන්න ඕන මොකක්ද ?
ම්ම්.......... ආ.................පුලුවන්ද මගේ අයියට පණ දෙන්න එහෙමනේ.....?

ඒත් ඒකා දිහා බලන් ඔයාට ඒක කියන්න පුලුවන්ද කෙල්ලේ?බුසාන්වල විශේශම දේ දිහා බලන් උබට ඒක කියන්න පුලුවන්ද ?......"  Mr.Rathnayake කට කොනින් හිනාවෙවී කියද්දි රූහිගේ ඇස්වලින් කදුලු වැටෙන්න ගත්තේ රූහිටත් නොදැනිම .

"නැහැ........................කට වහනවා............"රූහි හයියෙන් කෑ ගැහුවා.

"හ්හ.......මොනවද තවත් හංගන්නේ? කියන්න මුන්ටත්......." Mr.Rathnayake කෑ ගහද්දි රූහි කදුලු පුරවන් බලන් ඉන්නවා.

"ඇයි කටවහන් ඉන්නේ දැන් මහා ලොකුවට කතා කලේ?කෝ දොස්තර නෝනාගේ කට?" Mr.Rathnayake කට කොනින් හිනාවෙවී රූහිට කියද්දි කෙල්ල අඩියෙන් අඩිය පිටි පස්සට ගියා.

"හ්හ........තමුසේ මගේ පුතාවත් රවට්ටගෙන මගේ කොල්ලාව මට විරුද්ධව පාවිච්චි කලා.මම නිකන් ඉන්න ඕනද?මම අත පිහිදගන්න ඕනද?" Mr.Rathnayake කෑ ගහලා කේන්තියෙන් කියද්දි,

"මේක අහගන්නවා මම කවමදාකවත් එයාව use කලේ නෑ .එහෙම කලා නම් කලේ තමුන්.තමුන් තමුන්ට අවංක වෙලා අහලා බලනවා,තමන්ගේ එකම පුතාව තමන්ගේ පහත් අරමුණුවලට use කලාද නැද්ද කියලා.
අනිත් කාරනේ නිශේන් තමුසේගේ දරුවෙක් කියලා හිතන්නවත් බෑ .තමුන් නිසා ඒ අහිංසක කොල්ලා විදවනවා.තමුන් තාත්තා වුන එක සාපයක් ඒ කොල්ලාට.
මම මේ තරම් ඉවසන එකම හේතුවත් නිශේන් බව මතක තියාගන්නවා.
තාත්තාගේ පවුවලට පාඩුවේ ඉන්න දරුවෝ කරගහන්න ඕන නෑනේ.
ඒ කොල්ලාට හරි වැරැද්ද  තේරෙනවා.
නැත්නම් මට මේ තරම් උදවු කරන්නේ නෑ .
තමුන් ආයෙත් මට ළං වෙන්න හදනවා කියලා දැනගත්ත ගමන් මං වෙනුවෙන් එන්නේ නෑ "
රූහි තමන්ගේ වෙවුලන කටහඬ ගොඩක් පාලනය කරගෙන කියාගෙන ගියා.

The Gift Of Love (Mr.perfect 2 After Marriage )Where stories live. Discover now