(.31.)

441 75 29
                                    

අවීන් තමන්ගේ ලාවට රිදෙන හිස පිරිමදින ගමන් පුටුවට බරවුනා. හෙට දින තිබෙන නඩුව වෙනුවෙන් තමන් ලැහැස්ති විය යුතු ව තිබුනා.

" අවී...... එන්නද ? "

එහෙම්මම කෙලින්වී මේසයට බරවුන අවින් සිහින් සිනාවක් නගා ගෙන කතාකරන්න වුනා.

" එන්න ආශි "

" මහන්සි බන් " අවීන්ගේ කාමරයේ ඇදේ හාන්සි වූ ආශ්කා අවීන් දිහා බැලුවා.

" කෝ යොමාල් "
අවීන් තම වතුර බෝතලය රැගෙන ආශ්කා අතට දුන්නා.

" එයා ගියා හොටෙල් එක බලන්න "
ආශ්කා වතුර බෝතලය අඩක් හිස් කලා.

ආශ්කා කියූ දේ අසාගෙනම අවීන් කල්පනාවකට වැටුනා.

" එයා දැන් කොහේ ඇද්ද ආශි "
අවීන් තම මේසය මත නියපොත්තෙන් අදිමින් සිටියි.

" කා ගැනද අවී අහන්නේ ? " 

යටිතොල සපාගෙන තවමත් ඇගිල්ලෙන් මේසයේ රටා අදින අවින් සෙමෙන් කතා කරන්න උනා.

" මගේ චූටි "

හුස්මක් පිට කල ආශ්කා " එයා........එයාව අපිට මුණ ගැහෙයි අවී..... " කියලා කිව්වේ වෙන කියන්න දෙයක් නැති නිසයි.

සැමදේම සිදුවෙලා දැනට අවුරුදු හතක් ගතවෙලා තිබුනා. අවීන් තම පියාගේ අඩි පාරෙ යමින් හොද නීතිඥයෙක් ලෙස කටයුතු කරමින් සිටියි.

ආශ්කා මේ වනවිට ළමා හා තරුණ ප්‍රජාවගේ මානසික ප්‍රශ්න සම්බන්ධව කටයුතු කරන මනෝචිකිත්සකවරියෙකු ලෙස පුහුණුව ලබමින් සිටියි.  

" ආ මට අමතක වුනා " සැනින් නැගිටුනු ආශ්කා තම අත්බෑගයෙන් යමක් ඇද ඉවතට ගත්තා. 

එය රත්‍රන් පාටින් හැඩ වූ සුදු පාට විවාහ ඇරයුම් පතක් ( wedding invitation ) වුනා.  එතරම් විකාර නොවුනත් රාජකීය බවක් එහි ගැබ්ව තිබුනා. 

" මියුමි කිව්ව වගේ "
අවීන් වෙව්ලන අතින් එය අල්ලා සිටියා.

" හ්ම් " ආශ්කා ලාවට සිනාවෙලා " එයා හීන දැකපු විදියටමයි " කියලා කිව්වා.

අවීන් , දිහස් , ආශ්කා හා යොමාල් මේවනවිට විසිහය හැවිරිදි වියේ සිටින තරුණයන් වෙනකොට මියුමි තවමත් දාහත් වියැති වුනා..... කොටින්ම ඇය බිත්තිය මත එල්ලු පින්තූරයකට සීමාවුනේ සුදු මල් මාලයක්ද සමගයි.

ආයෙත් කල්පනාවකට වැටුන අවීන් සාක්කුවෙන් ගත් සිගරට් එක තොල් අතර රදව ගත්තා.

ලයිටරේ අතට ගත් අවීන් " මගේ පුංචි කෙල්ල , මේවා මගේ වැරදි " කියමින් සිගරට් එක පත්තු කරන්න වුනා.

" ඔයාගේ නෙමේ අවීන් අපේ.......අපේ වැරදි "
ආශ්කා ඇස් බිමට හරව ගත්තා.

" අවී මන් යන්න ඕන " බොහෝ වෙලාවකට පස්සේ ආශ්කා නැගිටුනා.

" පරිස්සමෙන් අවී " කියූ ආශ්කා අවීන්ගේ දිගු කඩාහැලෙන කෙස් අතරින් ඇගිලි ගෙන ගියා.

අවීන් වෙනස් වී ඇති බව සිතමින් ඉවතට ආ ආශ්කා අවීන්ගේ සිගරට් ඇබ්බැහියට වෛර කරන්න වුනා.

මොකද තද රතුපාට තොල් දැනටමත් ලාවට දුඹුරු වෙමින් තිබුනා වගේම ලස්සන දිග ඇස් බොර පාටට හැරෙමින් තිබ්බා.

හැමදේම හරියන්න ඕන කියලා හිතමින් ආශ්කා තම කුඩා කාරය පණනැංගුවා.

.............................................

දිහස් විවාහයක චායාරූපය ගන්න පොරොන්දු වුනේ ඒ විවාහයේ අයිතිකාරයා ආශ්කා වුන නිසයි.

නැත්තන් දිහස් ආසම වුනේ වනචාරියෙක් වගේකැලෑවක් තුල රිංගගෙන වනසතුන්ගේ චායාරූප ගන්නයි.

දිහස්ට ලොකු බලාපොරොත්තුවක් තිබ්බා එදා දවස වෙනුවෙන් ,  තම ප්‍රථම හා එකම ආදරය ඇස් දෙකට බලා ගන්න...... ඒත් දිහස්ට කිසිම විස්වාසයක් නොතිබ්බේ හත් අවුරුද්දක් ගෙවුනු තැන අවීන්ට තමන් ව මතකද කියලා.......


























කතාවේ කොටසක් මග ඇරිලා එහෙම නෙමේ........ මන් ටිකක් ඉස්සරහට ආවා🌝...... ටිකක් කිව්වට ඉතින් අවුරු හතක් 👉👈😁 ආයේ ආපස්සට යනවා.....ටිකක් ඉමු😌........ 

මොකද හිතෙන්නේ 👀😐

Kishu :-)

One Day ( BL) (Onhold )Where stories live. Discover now