කඳුළැලි - 39

430 142 78
                                    

'සර්.' මා යටතේ වැඩ කරනා සේවකයෙකුගේ හඬ ඇසීමෙන් මම හිස ඔසවා බැලුවෙමි. මගේ අත තිබූ පත්‍රිකා ගොන්න මදකට ඈත් කොට ඔහු දෙස බැලුවෙමි.

'මොකද තරංග?'

'සර්... මැඩම් අඬනවා.' ඔහු ‌බියෙන් මෙන් කී විට මම සුසුමක් හෙළා පුටුවෙන් නැගී සිටියෙමි. යෙහෙනිව නිවසේ තනි කොට ඒමට තිබූ බිය නිසාවෙන් මම ඇයව කාර්යාලයට රැගෙන විත් ඇයට කාර්යාල විවේකාගාරයේ රැඳී සිටින ලෙස කීවෙමි.

මම විවේකාගාරයට යන විට යෙහෙනි සෝෆාව මත ගුලි වී ඉකි ගසමින් සිටියාය. මම ඇය අසලට ගොස් ඇගේ හිස අත ගෑවෙමි. 'ඇයි නංගි අඬන්නේ?'

ඇය අත්ලෙන් කඳුළු පිසදා ගත්තාය. 'මෙයාලා කියනවා... ‌මෙයාලා කියනවා... මම පොඩි ළමයෙක් වගේ හැසිරෙන්නේ මම මෝඩයෙක් නිසාලු.'

මගේ සිත කොණක අනුකම්පාවක් සමගින් මගේ යටතේ වැඩ කරන්නන් පිළිබඳව කෝපයක්ද නැගී ආවේය. නමුත් මම ආවේගය පාලනය කර ගනිමින් ඇගේ හිස අත ගෑවෙමි. 'දැන් අඬන එක නවත්තන්නකෝ හොඳ බබා වගේ. අපි යන ගමන් ඔයාට කන්න මොනවා හරි ගමු.'

යෙහෙනි නැවත වතාවක් ඉකි ගසන්නට වූවාය. 'මම මෝඩයෙක්ද?'

මම ඇගේ හිස මගේ උකුළ මතින් තබා ගත්තෙමි. 'නෑ. ඔයාට මෝඩයා කියපු අය තමයි මෝඩයෝ ටික.' මම පැවසුවද මට දැනුණේ හිස් බවකි. ඇය කුඩා දරුවෙකු සේ හැසිරීම මා අපහසුතාවයට පත් කරමින් තිබිණි.

මම තරංග දෙස බලා ඔහුට කාමරයෙන් පිටව යන ලෙසට හිසින් සංඥා කළෙමි. හිසද නවා කාමරයෙන් පිටව ගිය තරංග දෙස බලා සිටි මම නැවතත් යෙහෙනි දෙසට හැරුණෙමි. ඇය මදින් මද ඉකි ගැසීම නවතමින් සිටියාය. මම නොකඩවා ඇගේ හිස අත ගාමින් ඇයව සනසන්නට වුණෙමි. ඇයගේ හදිසි වෙනස්වීම මට දැනුණේ වදයක් ලෙසයි. නමුත් ශනල්ක වෙනුවෙන් මම මගේ යුතුකම ඉටු කළ යුතුව තිබිණි. ශනල්ක මතකයට නැගෙන වාරයක් වාරයක් පාසා මගේ සිත ඇදුම්කන්නාක් මෙන් මට දැනුණේ ඔහුගේ මළ සිරුර හෝ මම නොදුටු බව නැවත නැවතත් සිහි කරවිමිනි.

යෙහෙනි මගේ උකුළ මතම නින්දට වැටෙන ‌තෙක් මම ඇගේ හිස අතගාන්නට වූයෙමි. නින්දට වැටුණු පසුවද කුඩා දරුවෙකු මෙන් ඇඟිල්ලක් මුවෙහි දමා ගත් ඇය එය උරමින් සිටියාය. මනෝ වෛද්‍යවරයෙකුට ඇයව පෙන්වීමේ අවශ්‍යතාවය මට තදින්ම දැනුණේ ඇගේ ඛේටයෙන් මගේ කලිසම තෙත්වන බව දැනුණු විටයි.

කඳුළැලි | tears | Sinhala BL [COMPLETED]Where stories live. Discover now