(.32.)

384 74 17
                                    

ඇල්මැරුණු ස්වාභාවයෙන් ජීවත් වුන අවීන් එකපාරට පණ ගහලා ආවේ ආශ්කාගේයි යොමාල්ගෙල් විවාහය දවසේ....... ඒ අවුරුදු හතකට පස්සේ.....

හැමදේම ටිකකට අමතක කරපු අවීන් ආශ්කා වෙනුවෙන් ටිකක් උද්‍යෝගයෙන් ඉන්න තීරණය කලා.... මොකද තවත් තමන්ට වටින කෙනෙක් නැති කරගන්න අවීන් ඇත්තෙන්ම බය වුනා.

අවීන් සහෝදරයෙක් වගේ ආශ්කා වෙනුවෙන් හැමේදේම හරියට තිතට සුදනම්ද කියලා බලන්න ගත්තේ විවාහයට සතියක ඉදන්......... ඔහු එකදිගට ඒ වෙනුවෙන් කැපවුනා.

එදා ගොඩක් ලස්සන දවසක් පාන්දර ඉදන් කරන්න වැඩ ගොඩක් දිහස්ට තිබුනා..... දිහස් කියන කියන විදියට ඉන්නගමන් ආශ්කත් යොමාලුත් චායාරූප ගත්තා.

මේ අවුරුදු හතට ගොඩක් දේ වෙනස් වුනා වගේම දිහ්ස්ද වෙනස් වෙලා තිබුනා... ඔහු කඩවසම් වෙලා තිබුනා වගේම හැමවෙලේම තියෙන හිනාව ඒවිදියටම දිහස්ගේ මුහුණේ තිබුනා....

" ඇති අපි යන් නැකත පහු වෙයි "
ආශ්කා කියන කොට යොමාල් වෙලාව බලලා කිව්වේ..... " පිස්සුද අනේ තව පැය දෙකක් විතර තියනවා.... පොරුවේ චාරිත්‍ර උදේ එකොළහටනේ " කියලා....

ඒක කිව්ව් ගමන් වැළමිටෙන් හොද පාරක් ගහපු ආශ්කා යොමාල්ට රැව්වා.

දිහස්ට හිනා යන්න ආවත් එයා යටිතොල සපන් සන්සුන් වුනා. ආශ්කා සැමදේම දමලගහලා යන් කිය කිය බල කරන්නේ අවීන් ඉන්න නිසා බව දිහස් දනි.

ඒත් මොන හේතුවකටවත් තමන් බාරගත් වැඩක් මග දමා යන වගකීම් රහිත අයෙකු නොවන දිහස් තමන්ගේ රාජකාරිය දිගටම කරන්න වුනා.....

ටිකෙන් ටික නැකතට කාලය හරියනකොට අවීන් හිටියේ මනමාල පාර්ශවයේ දෙමාපියන්ටත් වඩා කලබලෙන් , ඔහු සාක්කුවට අතකුත් දමාගෙන මනමාල ජෝඩුවට දුරකතනයෙන් බනින්න ගත්තේ පරක්කු වෙලා නැකත පරක්කු වුනොත් තමන් කාව හරි ඇදන් ගිහින් පෝරුවට නගිනවා කියමින් ,

....................................

ගැටබෙර සද්දෙත් උඩරට නැට්ටුවන් නටන්න පටන්ගත්තා. මනමාල ජෝඩුව හිමින් ඉදිරියට ඇදෙනවා.

මුතුපාට සාරියක් එක්ක ආශ්කගේ ලස්සන තවත් කැපි පෙනුනා.. බිම දිගේ ඇදෙන මුතු වලින් වැඩ දාපු සාරියේ බරැති පොට දැකපු දිහස් එකපාරටම ගල්වුනේ දෙයක් මතක් වුන නිසයි. නොදැනිම ඇස් තෙමෙන කොට අත්ලෙන් කදුලු පිහගත්තු ඔහු හුස්මක් පිටකලා....

චාරිත්‍ර සියල්ල හොදින් අවසන් වෙනකොට අවීන් හිටියේ කෙනෙක් දිහා බලන් , පුරුදු පෙනුමක් එයාගෙන් අවීන් දකින කොට තවත් නොසන්සුන් වුනා.

හැමතැනම දුවන ගමන් චායාරූප ගන්න ඒ තරුණයාව අවීන්ට හොදටම හුරුයි. ඒහිනාව , කතා විලාසය අවීන් දන්න කෙනෙක්ට පිහිටලා තිබුනා.

" අයියේ "
හුස්මක් ගත්තු අවින් පිටිපස්සට හැරුනේ තමන්ට කතාකරන්නේ කවුද බලන්න.

" ආහ්...... දෙව්නි "
අවීන් සිනාවුනා.

" අද අපේ අයියයි අක්කයි ලස්සනයි නේ "
දෙව්නි පොරුව දිහා බලන් කියනවා.

" හ්ම්....... "
අවීන් දිහස් දිහා බලාගෙන ඔලුව වැනුවා.

" අද.........අයියත්.......ගොඩක් හැන්ඩ්සම් "
දෙව්නි මුමුන මුමුන කියන කොට අවීන් ඇය දිහා බැලුවා.

" ඇත්තද ? "
අවීන් හිනාවෙනකොට දෙව්නි පෙරලා සිනාවුනා.

" හැබැයි මන් තරහයි "
දෙව්නි බොරු තරහක් අරන් කියන කොට අවීන් ඇය දිහා බලන් කල්පනා කරන්න වුනා.

" ඇයි ? "

" කෝ ඉතින් අවීන් අයියා මන් ලස්සනයි කිව්වේ නෑනේ..... "

" ලස්සනයි "
අවීන් හිනාවුනා.

මුළු විවාහ උත්සවයම එදා මියුමි සිතු අන්දමින් සිදුවුනා. එක් දෙයක් හැරෙන්ට ඒ අවින් හා දිහස්ගේ නර්තනය....

මෙච්චර වෙලා රහසින් බලන් හිටපු තරුණයාවත් ඇදගෙන ආශ්කාත් යොමාලුත් තමන් වෙත එනකොට අවීන් කලබල නූනා කිව්වොත් බොරු.....

ආශ්කා ඇවිත් තමන් ඉස්සරහින් හිටගන්නකොට අර තරුණයගේ ඇස් ලොකු වෙන හැටි අවීන් බලන් හිටියා.

" අවී.......... මේ අපේ දිහස්..... " ආශ්කා එසේ කියමින් දිහස්ගේ අත අරන් අවීන් දෙසට දිගු කරන කොට අවීන් මෙන්ම දිහස් හිටියෙත් පුදුමෙන් ,

" හලෝ දිහස් , හමුවීම සතුටක් "
අතට අත දුන් අවීන් එසේ කියා ක්ශනිකව ඉවත්වන හැටි දිහස් ඇස් වල කදුලු පුරවන් බලන් හිටියා.






































ඕක සෙට් වෙන්නෑ...... 😒

Kishu :-)

One Day ( BL) (Onhold )Where stories live. Discover now