Hikiz 17

1.4K 274 86
                                    

'' දැන් සතිශ් උබ කියන්නේ මට මගේ කොත්තුව දෙන්න බෑ කියලා ???'' කෙයාන් නැගිට්ට වෙලේ ඉදන් කරන උද්ඝෝෂණයේ දරුණුම අදියර තමයි මේ එලැඹිලා තියෙන්නේ... ලෙඩ වුන අහිංසක මනුස්සයෙක්ට කොත්තුවක් අරන් දෙන්න බැරි කුහකයො මොකටද මං අහන්නේ...

'' උබට පිස්සුද බම්ලො.. විකාර නැතුව මේ සුප් ටික බිපන්.. ඇරපන් කට.. '' සතීශ් හැන්ද දික් කරලා කිව්වේ එයාට දිවත් දික් කරලා කටත් තද කරගෙන අනිත් පැත්ත හැරුණ කෙයාන්ට.. යකො පොඩි එකෙක් හැන්ඩ්ල් කරන එක ලේස් මිට වඩා.. මුට ඇති ලෙඩකුත් නෑ , මුව බලාගන්න ගිහින් අපි තමයි ලෙඩ වෙන්නේ පාපියා.. සතීශ් මුමුණ මුමුණ බනින්නේ දැන් පැය බාගේක ඉදන් සුප් එකෙන් හැන්දක්වත් කෙයාන්ගේ කටට යවාගන්න බැරි උන කේන්තියට... අම්මපා ඇහැරුනායන් පස්සේ කෙයාන් මැරිලා ඉපදිලා වගේ.. මේ සතියටම මූ මෙච්චර කැගහනවා සතීශ් දැක්කමද කොහේ..

'' මං බඩගින්නේ මැරෙනවා මගේ කොත්තුව නැතුව.. එතෝට ඔයාලා පසුතැවෙයි.. '' කෙයාන් කිව්වේ කොට්ටෙන් මූණ වහගෙන ඇදේ අනිත් පැත්ත හැරිලා.. ඇති ලෙඩකුත් නෑ දැන් මිනිහාට..

'' මොන ලබ්බක්ද ඕයි.. ඇරපන් කට..!!! '' සතීශ් මුමුණන්නේ මේ උදේ පාන්දර පහට කොත්තු ඉල්ලන කෙයාන්ට ප්‍රාග්කෝෂයෙන් අමතන ගමන්.. කෝම්ත තව ටිකකින් මෙතනට චූටි කඩන් පාත් වෙද්දිත් කෙයාන්ට මුකුත් කවලා තිබ්බේ නැතොත් පාංශුකුලය දෙන්න වෙන්නේ සතීශ්ගේ තමයි.. මේ කෙයාන්ට මේ දුක තේරෙන්නැති හැටියක් අම්මපා...

'' බැහ්.''

'' ඇරපන් සුනඛයො... ''

'' බැහ්.බැහ් බැහ්.. කොත්තුව ගේන්න මගේ.. ''

'' ඕයි මේ පාන්දර පහට මොන කොත්තුද යකොව්. බීපන් මයේ අම්මා .. තව ටිකකින් උබට සප්රයිස් එකක් තියෙනවා කෝමත්.. '' සතීශ් එවිල් හිනාවක් දාන ගමන් කිව්වේ කෙයාන්ට සුප් එක පොවාගන්න තියන හොදම විදිය ප්ලැන් කරන ගමන්....

'' සප්රයිස් ? '' කෙයාන් ඔළුව ඉස්සුවේ ගානට සතීශ්ගේ දැලේ වැටෙන ගමන්.. දැන් ඉතින් සප්රයිස් එක දැනගන්න සුප් එක විතරක් නෙවේ ඕනනං තිත්ත බෙහෙත් ටිකත් වතුර නැතුවම බිලා දායි..

HIKIZ (𝗟𝗢𝗦𝗧 𝗘𝗬𝗘𝗦 𝟮) - On HoldWhere stories live. Discover now